More

    Bigfoot Family (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Bigfoot Family (2020) කියන්නේ මෑතකදී නිකුත් කෙරුණු Bigfoot කතා මාලාවේ අළුත්ම එක. ඇනිමේෂන් චිත්‍රපටි බලන අය අතරේ මේක ගොඩාක් ජනප්‍රිය වෙයි. මේක බෙල්ජියම්-ප්‍රංශ නිෂ්පාදනයක්. ඒ නිසා මුල් භාෂාව ප්‍රංශ. ඒත් ඒක අපේ රස වින්දනයට කිසිම බාධාවක් නෑ. දැන් ඉංග්‍රීසියට හඩකවපු එකත් නිකුත්වෙලා තියෙන්නේ.

    ඇනිමේෂන් චිත්‍රපටි කරන එක ලේසි වැඩක් නෙමෙයි. ගොඩාක් මුදලක් මේකට යොදවන්න වෙනවා. ඒත් හරි හමන් කතාවක් නැත්නම්, නිකම්ම චිත්‍රපටිය අසාර්ථක වෙනවා. හැබැයි, මේක ඉතා ලස්සනට ලියලා, හොඳ ඇනිමේෂන් කණ්ඩායමක් කරලා තියෙනවා. ඒ නිසා ඉවර වෙනකල්ම එක හුස්මට බලන්න හිතෙනවා. මේක ලියලා තියෙන්නේ Bob Barlen, Cal Brunker දෙන්නා. අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Jeremy Degruson, Ben Stassen දෙන්නා. මේකේ රඟපෑම නෙමෙයිනේ. කටහඩින් දායක වෙලා තියෙනවා Kylian Trouillard (ඇඩම්), Alexis Victor (බිග්ෆූට්), Frederic Souterelle (විල්බර්) සහ Sébastien Desjours (ට්‍රැපර්) ඇතුළු කණ්ඩායමක්. මම ආසම චරිත ටික තමයි ඔය කිව්වේ.

    කතාව දිවෙන්නේ බිග්ෆූට් පවුල වටා. කලින් කතාවේ තාත්තා කැළැව අතහැරලා ගෙදර එනවානේ. ඊටපස්සේ එයාට දැනගන්න ලැබෙනවා ඇලස්කාවේ නිම්නයක් විනාශ කරමින් තෙල් නිධි කැනීමක් කරනවා කියලා. ඒක ගැන බලන්න යන එයාට සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි අනතුරකට. ඒ අතරේ තාත්තාට මොකද වුනේ කියලා හොයන්න, ඇඩම් ඇලස්කාවට යන්න තීරණය කරනවා. මෙයාලාට වෙන්නේ මොනවාද කියලා මේක බලලාම දැනගන්න.

    සිංහල උපසිරැසි සමඟ කතාව රස විඳින්න. ජයවේවා!!!

     

    The Son Of Bigfoot (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Bigfoot Family (2020) සිංහල උපසිරැසි” Bigfoot.Family.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2550 times – 779 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram