today-is-a-good-day
More

    Bigil (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝම ඇගිලි ගැනගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ,මොකක්ද කියල කියන්න ඕනි නෑනේ නේද දැනටමත් ඔයාල දන්නවනේ,නොහිතපු වෙලාවක තමයි අන්තර්ජාලයට මේ පිටපත නිකුත්වෙන්නේ,ඔන්න කොහොම හරි හැමෝම ඇගිලි ගැනගෙන බලාගෙන හිටපු විජයිගේ Bigil චිත්‍රපටියේ සිoහල උපැසිරැසි ඔයාලට අරගෙන එනවා,Bigil චිත්‍රපටිය ගොඩක්ම කාන්තාවන් ගැන කතා කරපු චිත්‍රපටියක්,ඒ නිසාම වගේ ලස්සන සිoදු කිහිපයක්ම මේ චිත්‍රපටියේ ඇතුලත් වෙනවා,ඉතින් ඒ හැම සිoදුවක්ම වගේ ඔයාලට සිoහල උපැසිරැසි එක්කම නරබන්න පුලුවන්…

    ඉතින් 2019 ඔක්තෝබර් 24 තමයි Bigil නිකුත් වෙන්නේ,පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්නම් ඉහලින්ම බාරගත්තා,එසේ මෙසේ නම් නෙවෙයි,කෝටි 300කට එහා ආදායමක් හොයන්න සමත් උනා.ඒවගේම Imdb 7.5 ක අගයකුත් අරගන්න සමත්වෙලා තියෙනවා,Raja Rani ,Theri ,Mersal වගේ සුපිරි චිත්‍රපටි අපිට අරගෙන ආපු Atlee Kumar ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන තවත් එක චිත්‍රපටියක් තමයි මේක,

     

    ඒවගේම ගොඩ කාලෙකට පස්සේ තමයි අපිට Vijay ,Nayanthara ජෝඩුව ආයෙත් එකට දැකගන්න ලැබෙන්නෙ,ඉතින් ඒ අයත් එක්කම Jackie Shroff ,Vivek ,Kathir ,Yogi Babu, වගේ ජනප්‍රිය තරු ගොඩක් දායක වෙලා තියෙනව,විජයිගේ චිත්‍රපටි ගැන මොකුත්ම කියන්න ඕනි නෑ කියල හිතන්නෙ,මොකද ඔයාල අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය එනකම් මග බලාගෙන හිටියේ කියල දන්නවා,ඒ උනත් කතාව ගැන ටිකක් කියන්නම්,

     

    මයිකල් රායප්පන් (Vijay) කියන්නෙ චෙන්නයි වල ඉන්න මැරයෙක්,මැරයෙක් උනාට මෙයා අහිoසක මිනිස්සුන්ට උදව් කරන්න තමයි එයාගෙ මැරකම් පාවිච්චි කරන්නේ,ඉතින් මෙයාගේ සහෝදරයෙක් වගෙ ඉන්න කදිර් ( Kathir ) චෙන්නයි ප්‍රාන්තයේ කාන්තා පාපන්දු කණ්ඩායමෙ පුහුණු කරුවෙක් වෙලා ඉන්නේ,ඉතින් දවසක් කදිර් එයාගේ පාපන්දු කණ්ඩායමත් එක්ක මයිකල්ව හම්බවෙන්න එනවා,ඉතින් එදා මයිකල් කදිර් එක්ක තනියම ටිකක් කතා කරන්න ඕනි කියල එයත් එක්ක එලියට යන අතරමගදී කිසියම් පිරිසක් මෙයාලට පහරදෙනවා,ඒකෙන් කදීර්ට හොදටම තුවාල වෙනව,එයාට ඩොක්ටර්ලා කියන්නෙ ගොඩ කාලෙකට එයාට ආයෙත් පාපන්දු පුහුණු කරන්න වෙන එකක් නෑ කියල,ඒත් එයාගේ පාපන්දු කණ්ඩායමට තව දවස් 10කින් මැච් එකක් තියෙනවා,පුහුණු කරුවෙක් නැතිව කොහොමද දැන් කෙල්ලො ටික මැච් එකට යන්නේ,අන්න එතනදී තමයි කදීර් බිගිල් කියල කෙනෙක් ගැන කියන්නෙ,ඉතින් කවුද මේ බිගිල්,එයා කොහොමද මේ කණ්ඩායම පුහුණු කරන්නේ?මයිකල් රායප්පන් එක්ක මේ වෙයිර බැදන් ඉන්න කල්ලිය කවුද? එහෙනම් ඔයාලට බාරයි ඒ ටික දැනගන්න එක,එහෙනම් මේකත් හිතේ තියාගන්න චිත්‍රපටිය බලන අතරේ,

     

     අපි සැපට ජීවත් වෙලා පෙන්නන එක තමයි
     අපි හොදින් ඉන්න හොද නෑ කියල හිතන අයට අපි දෙන ලොකුම දඩුවම
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Bigil.(2019).Sinhala.subtitle.rar – Downloaded 5672 times – 64 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න (221 downloads) not sinhala sub only have English sub

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram