spot_img

Black Phone 2 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

Black Phone 2 (2025) Sinhala Subtitle

 

ෆින් බ්ලේක්ට දැන් අවුරුදු 17යි. එයාව පැහැරගෙන ගියපු කෙනාව මරලා බේරිලා ආවත්, තාමත් ඒ් කම්පනය දරාගන්න අමාරුවෙන් ඉන්නේ. ඒ අතරේ එයාගේ සහෝදරිය ග්වෙන්ට හීනෙන් පේන්න ගන්නවා ෆින් කතා කරපු ඒ කලු දුරකතනයෙන් ඇමතුම් එනවා. ඒ වගේම දරුණු හීනත් පේන්න ගන්නවා. මේ හීන වලින් වැඩිපුරම පේන්නේ ළමයි තුන්දෙනෙක්ව ශිත කඳුකරයේ තියෙන කඳුකර කඳවුරක (ඇල්පයින් ලේක් තරුණ කඳවුරේ) හිර කරගෙන ඉන්න විදිය. දැන්, ග්වේන්ගේ මේ හීනය ඇත්තක්ද? ඇත්තටම මේ ළමයි තුන්දෙනා කවුද? ඒයාලාව කොහෙද රඳවගෙන ඉන්නේ? කවුද? බේරගන්න පුලුවන්ද?

මේ චිත්‍රපටිය The Black Phone දෙවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson විසින්මයි. පළවෙනි කතාව වගේම, මේකත් Joe Hill විසින් රචනා කරපු The Black Phone නවකතාව හා සම්බන්ධයි. මෙවරත් රඟපෑමෙන් දායක වෙනවා Mason Thames (ෆිනී), Madeleine McGraw (ග්වෙන්), Damian Bichir (අර්මන්ඩෝ), Ethan Hawke (පැහැරගන්නා) අතුලු පිරිසක්.

Web ratings ගැනත් කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙන‌කොට IMDb 6.1, Rotten Tomatoes 71%, LetterBoxed 3.1, Google Users 78% චිත්‍රපටියට තම කැමැත්ත ප්‍රකාශ කරලා. තව කියන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටි මාලාවක දෙවෙනි චිත්‍රපටියට වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලැබෙන්නේ නෑ. හැබැයි, මේ චිත්‍රපටියේ ඇස්තමේන්තු වියදම ඩොලර් මිලියන 30ක් වෙනකොට, මේ වන විට ලබාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 132කට වැඩි වෙලා තියෙනවා.ඒ් වගේම පළවෙනි සතියෙන්ම, චිත්‍රපටියේ වියදම හොයාගන්නත් සමත් වෙලා තියෙනවා.

එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටිය රසවිඳිමු. ජයවේවා!!

 

 Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram