spot_img
spot_img

Breathe Into the Shadows (2020) Complete season Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අපේ සීරීස් සෙට් එකේ ඈයො ටික අද උපසිරැසි අරන් එන්නෙ, Breathe Into The Shadows කියන, අපි කොයි කවුරුත් දන්න සීරිස් එකට තමයි.. අපි Breathe (2018) සීසන් එකෙත් සබ් ගහලාම තමයි මේකත් පටන් ගත්තෙ…ඔව් පොඩි කනෙක්ෂන් එකක් තියෙනවා …..අපෙ කබීර් සර්ගෙ..සීරීස් 2ක ඇතුලෙම….සමාවෙන්න කියන්න ඕන ඉතිං වෙච්ච ඇබැද්දියේ හැටියට සූම් එක ඩවුන් උනානේ….නැත්නම් මේකත් 12 වෙනිදා ඉදන් සබ් ඔක්කොම ගහගෙන සයිට් එක ගොඩ දාගන්නකම් බලාන උන්නු සීරීස් එකක් තමා මෙහෙම අපේ සයිට් එකේ පුනරාගමනයත් සමග අරන් එන්නේ………

සෙවැනැලි තුලින් මනස එහා මෙහා කරවන, මෙම කතා මාලාව ලේසි පාසු භාණ්ඩයක් නෙවෙයි..IMDb එක 8.1 කට කරකවලා තියෙනවා…google users ලා 95%ක් මේකට ලයික් කරලා තියෙනවා……ඒ වගේම කලින් සීරීස් එක වගේම.. Thriller | Drama | Crime කියන කැටගරියෙන් තමා මේකත් දිවෙන්නේ………නළු නිළි පැත්ත ගත්තොත්…කියන්නත් දෙයක් නෙවේ…..Abhishek Bachchan, Nithya Menen, Amit Sadh (කබීර් සර්) ප්‍රධාන චරිත ටික මෙහෙයවනවා….ඊට අමතරව තව සුරූපිණියන් සෙට් එකක්ම ඉන්නවා…Yeh Hai Mohabbatein එකේ හිටපු ප්‍රධාන නිළියකුත් ඉන්නවා…ඔය කවුරු හිටියත් හිතයන්නෙ ෂර්ලිට..බොරුනම් බලන්නකො..
කතාව දිහාට හැරෙමුකෝ….

ගොඩක් බැදීම්, කාමය,මායාව,බය,කේන්තිය,අසංවේදීතාවය,අභිමානය,ආත්මාර්ථකාමීත්වය,ද්‍රෝහිකම,අහංකාරකම……මේ කියන හැගීම් 10ම තියෙන මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්නවද…නෑ නේද?….ඒත් කෙනෙක් ඉන්නවා..ඒ තමයි අපේ ලංකේෂ්වර රාවණා…එහෙනම් පිළිගන්න හොද හෝ නරක හැගීම් 10ක් එක මනුස්සයෙක්ව සම්පූර්ණ කරනවා…..අන්න ඒ නිසයි රාවණා සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්නේ…..

ඇයි මම ඔහොම කිව්වෙ කියලා කතාව බලන කොට තේරෙයි…එම හැගීම් මත පදනම්ව තමා කතාව දිවෙන්නෙ.. අවිනාශ් කියන්නෙ ඩොක්ටර් කෙනෙක්..මානසික වෛද්‍යවරයෙක්…ඉතිං මෙයා ලස්සන පුංචි දුවෙක් වගේම…ලස්සන බිරිදක් එක්ක කාර්‍යබහුල සමාජය තුල සතුටින් ජීවිතේ ගෙවන් යන පුද්ගලයෙක්.කරදර එන්නෙ කියලා නෙවේනේ….එක පාරටම මේ කුරුළු කූඩුව කැඩිලා යන්න මහා විනාශයක් සිදු වෙනවා…ඒ කියන්නෙ මෙයාලගෙ පුංචි දුවව කිඩ් නැප් කරනවා…මාස ගානක්ම හෙව්වත් හම්බ වෙන්නෙ නෑ….බලාපොරොත්තුව යම්තාක් දුරට අතෑරගෙන ඉන්න විට ගෙදරට එක පාරටම පාර්සලයක් එනවා….ඒකෙ වීඩියෝ පට වගයක් සහ පුංචි දූගෙ දේවල් වගයක් තියෙනවා…ඉතිං මේ වීඩියෝ පටවල තියෙන විදියට දුව තවම ජීවත් වෙනවා…කිඩ් නැපර් කියන්නෙ දුවව ඕනෙ නම්…එයා කියන දේවල් කරන්න කියලා…ඒ කියන්නෙ මිනීමැරුමක්….එකක් පසු පස එකක් ලෙස දාමයක්ම සෙට් වෙනවා….රාවණා සීන් එක එතකොට පහදනවා ……

How far will you go to save your daughter ? ඉතිං මේ තාත්තක් කොපමණ දුරකට යන්න පුලුවන් වෙයිද….බ්‍රීත් කලින් එකේ වගේම…දෙමාපියන්ට තම දරුවෙක් වෙනුවෙන්, රාක්ෂයෙක් වුනත් තිරිසනෙක් වුනත් වෙන්න පුලුවන්ලුනේ…. මේකෙ නම් නිත්‍යා වගේම අභිෂේක් කියන දෙන්නම ඒ තත්වෙට ඇද වැටෙනවා…..ඒ වගේම මේකෙ තියෙන ලොකු අභිරසක් තමයි කවුද මේ කිඩ්නැපර් කියන එක…එතනදි නම් කොර වෙන පිළිතුරක් හම්බවේවී……එහෙම සිද්දි ලෝකයේ නැතුවාම නොවේ..

එහෙනම් කට්ටිය බලලම මේ අභිරහස් ටික විසද ගන්න…ඔය මම කිව්වෙ මූලික සිද්දිය විතරයි..තව බෝමයි….අදට යනවා….අපේ අලුත් zoom.lk එකත් එක්කම රැදිලා ඉන්න….පරණ සබ් හැකි ඉක්මනින්ම යාවත්කාලීන කරනවා…

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  12ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Breathe.Into.the.Shadows.(2020).Sinhala.subtitles.rar – Downloaded 2202 times – 184 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

28 COMMENTS

  1. සබ් එක ඩවුන්ලෝඩ් උනාට ඕපන් කරන්න බැහැ. එරර් එකක් දෙනවා.

  2. බොහොම ස්තුතියි ලස්සන හින්දි ට්වී සිරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  3. බොහෝම ස්තුතියි කට්ටියටම සබ් එකට.
    එක හුස්මය බැලීමක් තමයි.
    ජය….

  4. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊 ටික ටික සයිට් එක ඩිවලොප් කරන් යං තිබ්බටත් වඩා හොඳ තැනකට 😞💪

  5. අලුත් සයිට් එකට ජයම වෙන්න කියලා විශ් කරනවා මුලින්ම..ඒ වගේම මේ වගේ ෆට්ට වෙබ් සීරීස් එකකට එක පොකුරට සබ් කරලා සීසන් එකේම සබ් එකපාරම දුන්න එකට ගොඩක් ස්තූතියි….

  6. godak thanks full series ekema sub eka wara denwata.. patta wdk.. site ekta dn asa hithenwa supiri quality.. suppa.. thanks whole team

  7. අද මේ කතාවේ සීසන් 2 රිලීස් වුනා ඒකටත් සබ් එනකම් බලන් ඉන්නවා
    magnet:?xt=urn:btih:9c65f7400cb1661032dbe34b988065c13b883aeb&dn

Leave a Reply to Samaranayake Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram