spot_img
spot_img
More

    Buddy (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Buddy (2024) Sinhala Subtitle

     

    කාලේකට පස්සේ උපසිරැසියක් අරන් ආවා. මේ අරන් ආවේ පහුගිය සිකුරාදා අන්තර්ජාලයට අලුතින්ම නිකුත් උන බඩී කියන චිත්‍රපටිය අරන්. මේක දැක්කාම මුලින් හිතුවා කලින් ආපු ටැමිල් ෆිල්ම් එකක් වෙන Teddy ෆිල්ම් එකේම රිමේක් එකක්දෝ කියලා. හැබැයි මේක රිමේක් එකක් නෙමෙයි. ඒ කතාවයි මේ කතාවයි අහසට පොළව වගේ වෙනස්. මේක ටැමිල් ෆිල්ම් එකේ ඇඩප්ටේෂන් එකක්.. ඒ කිව්වේ එකේ ආභාෂය අරන් කරපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිත ලෙස අපි කවුරුත් දන්න අල්ලු අර්ජුන්ගේ සහෝදරයා වෙන Allu Sirish රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව Gayatri Bhardwaj,Prisha Rajesh Singh හා Ajmal Ameer මෙහි සෙසු චරිත රඟපානවා..

    කතාව ගැන කිව්වොත් ආදිත්‍යා කියන්නේ ගුවන් නියමුවෙක්. පල්ලවි කියන ගැණු ළමයා එයාර්පොට් එකේ ATC එකේ රාජකාරි වලට එනවා. මේ තමයි එයා වැඩ කරන්න එන පළවෙනි දවස.. මෙතැනින් තමයි එයාර්පොට් එකට එන ගුවන් යානා ගමන් සේරම පාලනය කරන්නේ. පල්ලවිට ලැබෙන පලවෙනිම ගුවන් යානා ගොඩබැස්සවිම වෙන්නේ ආදිත්‍යාගේ ගුවන් යානාව. මෙහෙම කල් ගත වෙද්දි හැමදාම මේ කතා කරන ආදිත්‍යා ගැන පල්ලවිට ආදරයක් හිතෙනවා. නමුත් ඒක ඇය කියන්නේ නැහැ. කොහොම හරි දවසක් ගුවන්පාලන මධ්‍යස්ථානේ ඉදන් පල්ලවි අතින් වෙන පොඩි අතපසු විමක් නිසා ආදිත්‍යාට වැඩතහනමක් සිද්ධ වෙනවා. තමන් නිසා මේක ආදිත්‍යාට උනේ කියලා පල්ලවි දන්න නිසා ආපහු ආදිත්‍යාව මුණ ගැහෙන්න තියා කතා කරන්නවත් යන්නේ නැහැ. කොහොම හරි කාලය ගත වෙලා යනවා. ආදිත්‍යාව දවසක් හම්බවෙන්න පල්ලවි එනවා. එත් පල්ලවි එන්නේ ටෙඩි බෙයාර් කෙනෙක් වෙලා. පල්ලවිගේ ආත්මය කොහොමද මේ වගේ ලොකු ටෙඩි කෙනෙක්ට මාරු උනේ. එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒක දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරනවා. සුභ දවසක් හැමෝටම

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Buddy (2024) සිංහල උපසිරැසි” Buddy.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1805 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා …….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      • සබට බොහොම ස්තුතියි ❤ සෑහෙන දවසක් බලාගෙන හිටියේ
        දිගටම කරගෙන යමු ජය වේවා සහෝදරි ❤
        Shivam Bhaje (2024) Telugu ෆිලුමටත් ඉක්මනින්ම සබ් එක දෙන්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram