spot_img
spot_img
More

    Captain Marvel (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ෆැන්ටසි වර්ගීකරණයට අයත් වන සුපිරි වීරයින් සඳහා වන ඉල්ලුම කොයි කලෙක වත් අඩු වන එකක් නම් නෙමෙයි. සිනමාවට සුපිරි වීරයින් සැපයීමේ පුරෝගාමියෙක් විදිහට Marvel සමාඟම විසින් වසරක් පාසාම මෙම සුපිරිවීර වර්ගීකරණය යළි යළිත් නැවුම් කරනු ලබනවා. ඒ අනුව Captain Marvel යනු Marvel වෙතින් හඳුන්වාදෙන නවමු වීරවරිය වුණත් ඇත්තටම ඇයගේ යටගියාව තරමක් පැරණි එකක්. අවසන් Avengers චිත්‍රපටය තුළින් පෘථිවියේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් පවත්නා අවසන් බලාපොරොත්තුවක් ලෙසින් ඇය ගැන ඉඟියක් පමණක් ලැබුන අතර, පසුගිය මාර්තු 8 වෙනිදා හෙවත් ජගත් කාන්තා දිනය දා Captain Marvel නම් ඇගේ කතන්දරය ලොව පුරාම තිරගත වීම් ආරම්භ කළා.

    විශ්වය පුරාවටම විනාශය රැගෙන ගිය Thanos විසින් පෘථිවිය ඉලක්ක කරගත් ප්‍රහාරය ව්‍යවර්ථ කරන්නට Avengers ඇතුළු සියලුම සුපිරිවීර කණ්ඩායම් අසමත් වුණා. සුපිරිවිරුවන් ඇතුළු සමස්ත පෘථිවි ජනගහනයෙන් හරි අඩක්ම තුරන් කරනට සමත් වූ Thanos ට එරෙහිව අසමසම බලයක් අවශ්‍ය නමුත් තවමත් එවැන්නක් හමුවී නැහැ. විශ්වයේ නපුරු බලවේගයන්ට එරෙහිව පෘථිවියේ ආරක්ෂකයින් ලෙසින් Avengers කණ්ඩායම නිල වශයෙන් ඒකරාශී කළ Nick Fury විසින් අවසාන මොහොතේදී පිළිසරණ පතා පණිවිඩයක් යවනු ලැබුවා විශේෂ අයෙක් හට. කොතරම් බලසම්පන්න වුනත් Avengers කණ්ඩායමත් ඒ සමඟින් සන්නද්ධ වූ අනෙක් පාර්ශ්වයනුත් අන්ත අසරණ ලෙස පරාජය ලබද්දී, Nick Fury විසින් මේ අවසන් පණිවිඩය යවන්නේ ඊටත් වඩා බලගතු පාර්ශ්වයක් වෙත විය යුතුමයි යන කුහුල පමණක් ඉතිරි වූවා. එපරිද්දෙන්ම පණිවිඩය ලැබුනේ Captain Marvel හෙවත් Marvel Cinematic Universe හි නවමු සුපිරි වීරවරියට බව Comic කතන්දර ගැන උනන්දු කොයි කවුරුත් දන්නා කියන කරුණක්. එනිසාම ඇගේ මුල් වතගොත සිනමාත්මකව විඳින්නට ලොව පුරාම ඉමහත් රසික පිරිසක් මඟ බලන් සිටියේ මහත් උනන්දුවකින්.

    ඒ අනුව Marvel Comic ඉතිහාසය තුළ නිර්මාණය වූ කැපී පෙනෙන චරිතයක් විදිහට Captain Marvel ප්‍රබේධයන් රැසක් අතුරින් කරළියට පැමිණි Carol Danvers චරිතය ආශ්‍රයෙන් Captain Marvel නවමු චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. පෘථිවියෙන් එපිට විශ්වයේ ඈත කෙළවරක හමුදාමය වශයෙන් තාක්ෂණිකව බලසම්පන්න Kree අධිරාජ්‍යයයි Vers නම් වන ඇයගේ වාසස්ථානය වන්නේ. විශේෂ මෙහෙයුමක නිරතවීමක් අතරතුරදී ඈට යළි පෘථිවිය වෙත පැමිණෙන්නට සිදුවන්නේ අනපේක්ෂිතවයි. ඈ පසුපසම හඹා එන පිටසක්වළ සතුරු බලවේගයනුත් පෘථිවි තළයට ඇතුල් වීමෙන් ඈ පිට තවත් වගකීමක් පැටවෙනවා. Skrull නමින් හැඳින්වෙන ඕනෑම ශරීර ස්වරූපයකට පරිවර්තනය වන්නට හැකි බලවත් පිටසක්වල ජීවී විශේෂයට එරෙහි ගැටුම ඇයටත් ලෙහෙසි පහසු එකක් නොවෙයි. ඒ අතර තිබෙන අනෙක් අභියෝගය නම් නිරන්තරයෙන්ම ඇයව පෙළන ඇය සම්බන්ධ පැරණි මතකයන් වල රහස් අනාවරණය කරගැනීමයි. එක් පසෙකින් යුද සංග්‍රාමයකුත්, තවත් පසෙකින් තම අතීත තොරතුරු සොයා ගැනීමත් යන සැබෑම අරගලය තුළ ඇය මුහුණ දෙන වික්‍රමාන්විත ක්‍රියාවන් රැසක් සමඟිනුයි කතන්දරය ඉදිරියට ගලාගෙන යන්නේ. Vers නම් වූ ඇයට Carol Danvers නම් තැනැත්තිය හා තිබෙන සම්බන්ධය කුමක්ද සහ Thanos තරම් අධිබලැති බලවේගයක් හා මුහුණට මුහුණ ගැටෙන්නට තරම්ම ඇය සතු කරගන්නා සුපිරි බලවේගය කුමනාකාරයේ එකක්ද යන කාරණාවන් හෙළිදරව් වන්නේ හොඳ කුතුහලයක් ජනිත කරවමිනුයි.

    සුපිරි වීර චිත්‍රපටයක පැවතිය යුතු හොඳම ගුණාංගයක් වශයෙන් එකී සුපිරිවීර චරිතයේ උත්පත්ති කතාවත් වැදගත් විය යුතු අතර Captain Marvel හි ඒ සියල්ලක්ම ආකර්ශනීයව පෙළගස්වා තිබෙනවා. සය වසරක් තිස්සේම තම මතකය තුළ වැළලී අමතකව තිබූ යටගියාවෙහි තතු ඔස්සේ ඇගේ දිවිය හා බැඳි කාරණා සමඟින් තරමක හැඟීම්බර වාතාවරණයක් ද කතන්දරයට ලැබෙනවා. වීරත්වයෙන් ඔප වන තරමටම කතන්දරය තුළ සංවේදීත්වයත් රැඳවෙන පරිද්දෙන් ඇතුලත් කරවූ දේවල් නිසාම චිත්‍රපටය තුළ හොඳ සමබර බවක් අඩංගු වනවා. අභ්‍යවකාශ වීරචාරිකාවකට අවශ්‍ය කරන රූපමය ආකර්ශනීයත්වයත් අඩංගු නිසාම සුපිරිවීර චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයාට ලැබෙන ක්‍රියාදාම වින්දනය ප්‍රභල එකක් වනවා. විශේෂයෙන්ම Captain Marvel සුපිරි වීරවරියගේ සැකැස්ම අති ආකර්ශනීය එකක්. මෑත කාලීනව ඉහළම ජනප්‍රියතාවයක් හිමි කරගත් DC සිනමා විශ්වයේ සුපිරි වීරවරිය Wonder Woman හා තරමටම විභූතිමත් සුන්දරත්වයක් මවන්නට මෙවර Marvel සිනමා විශ්වයටත් හැකි වී තිබෙනවා.

    Captain Marvel සුන්දරාවිය වෙනුවෙන් Brie Larson යනු අගනාම තෝරාගැනීමක් බව ඈ සම්බන්ධ සෑම රූප රාමුවකින්ම පසක් කරවනු ලබනවා. 2015 වර්ශයේදී ‘Room’ චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම නිළියට හිමි ඔස්කා සම්මානය පවා දිනාගන්නට සමත් වූ ඇය විසින් මේ සිදු කරන්නෙ සිය රංගන දිවියේ තවත් සුවිශේෂී නිරූපනයක්. ඇයගේ සුන්දරත්වයත් සමඟින්ම වීරත්වය විදහා පානා ආකාරය අතිශය නිවැරදිව ඇගෙන් නිරූපනය වන අයුරු නිසාමත් Captain Marvel හි විශේෂත්වය තවත් වැඩි කරවනවා. බලසම්පන්න වීරවරියක් කියන දේ ප්‍රතාපවත්ව ඉසමතු කරවන්නට ඇය උපරිමයෙන්ම සමත් වී තිබුනා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Captain.Marvel.2019.Sinhala.Subtitle.rar – Downloaded 996 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රවිඳු සසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram