spot_img

Captain Miller (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Captain Miller (2024) Sinhala Subtitle

 

දමිළ ජනතාව ජයටම සමරන උත්සයක් තමයි, ජනවාරි මස පැවැත්වෙන තෛපොංගල් උත්සවය කියන්නෙ. ඉතින්, උත්සව සමයට සමගාමීව මෙවරත් දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකිනෙක ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, සිවකාර්තිකයන්ගේ අයලාන් සහ අරුන් විජේ මිෂන් චැප්ටර් වන්! උත්සවය සමය නිසා ගොඩක් පිරිස්, පවුල පිටින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තෝරගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට වයලන්ස් පිරිච්ච ධනුෂ්ගේ කැප්ටන් මිලර් චිත්‍රපටයටද ප්‍රේක්ෂකන්ගේ වඩාත් පැසසුමට ලක් උනා.

මෙහි ධනුෂ්ට අමතරව ප්‍රියංකා මොහාන්, කන්නඩා සුපර් ස්ටාර් ශිව රාජ් කුමාර්, සන්දීප් කිෂ්ණන්, විනෝද් කිෂ්ණන්, ඉලංගෝ කුමරවේල්, කාලි වෙන්කට්, ජෝන් කොක්කෙන් සහ නිවේධිතා සතීෂ් යන ප්‍රභල නළු නිළි කැලක්ම රංගනයෙන් දායක වනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කලේ අරුන් මතේෂ්වර විසිනි. මේ ඔහුගේ තුන් වෙනි චිත්‍රපටය. ඔහුගේ සුපුරුදු ශාරයට මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ද සිදු කර තිබෙනවා. මෙහි ඇතුලත් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැහිරෙන ජවනිකා ස්වාභාවික බව දනවන්නට ඔහු ගොඩක් මහන්සි වෙලා තියෙන බැවු චිත්‍රපටය නැරඹීමෙන් ඔබට පෙනී යයි. ඒ වගේම මේකෙ සංගීත වැඩ කටයුතු කරලා තියෙන්නේ ජී.වී.ප්‍රකාශ් කුමාර් විසිනි. ඔහුගෙයි ධනුෂ්ගෙයි සුසංයෝගය අපි කිහිපවරක්ම දැකලා තියෙනවා. තම සගයාට මෙවරත් සංගීතයෙන් උපරිම සාධාරණයක් කරලා තියෙන වග බැලූ බැල්මට පෙනෙන්න තියේ.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්, බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් කරගෙන හිටපු 1930 කාලවකවානුව පදනම් කරගෙන සෑදු ප්‍රබන්ධ කතාවක් මේක. තමාගේ ගෞරවය වෙනුවෙන් සිපොයි හමුදාවට බැදෙන ධනුෂ්. එහිදි තමාගෙම ජනතාවට සිදු වන අසාධාරණකම් දැක හිත උණු වෙලා ඒ වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. ඔබ ප්‍රචණ්ඩත්වය ඇති චිත්‍රපට වලට ආස කෙනෙක් නම්, මෙම චිත්‍රපටයට ඔබ කැමති වෙයි. අරගෙන බලන්නන එහෙනම්. ඉන්දීය රුපියල් කෝටී පනහකට අධික ප්‍රමාණයක් මේ වෙනකොට උපයාගන්නට මෙය සමත්ව තිබේ. ධනුෂ් රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු චිත්‍රපටයක් බොක්ස්-ඔෆීස් අඩු වෙන්න හේතුව නම් පුදුමයක්. ඉතින් ඊළගට ධනුෂ්, තමාම අධ්‍යක්ෂණය කරනු ලබම D50 චිත්‍රපටයෙන් මුණගැහෙමු!

ඔබට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙහි සියළු ගීත උපසිරැසි ගන්නවා ඇති අතර, කාලරාමු සකසා දී උපසිරැසියටද උදව් කල ලහිරු උදයංග සහෝදරයාට විශේෂ ස්තූතිය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. මේකත් ඩී. වී .ඩී එකකට සබ් කරලා තියනේනේ, මේකේ සබ් එකත් HD කොපියට අප්ඩේට් කරන්න බ්‍රෝරෝ

    • HD වලට තමයි දීලා තියෙන්නේ බ්‍රෝ.ඔයාට විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හරි විඩියෝ පිටපත ඩව්න්ලෝඩ් කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram