මෙග්නා ගුල්සාර් විසින් අධ්යක්ෂණය කරන ලද Chhapaak චිත්රපටයට පාධක වන්නේ 2005 දී ඇසිඩ් ප්රහාරයකට ලක්වුණු ලක්ෂ්මී අගර්වාල්ගේ ජීවිත කතාවයි. ඉන්දියාවේ සිදුවන ස්ත්රී දුෂණ වලට අමතරව, කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන තවත් අවාසනාවන්ත ඉරණමක් වන්නේ ඇසිඩ් ප්රහාර. ලක්ෂ්මී අගර්වාල් ඇසිඩ් ප්රහාරයට ලක්වීමෙන් අනතුරුව මේ පිලිබඳ ඉන්දියාවේ දැඩි ලෙස කතාබහට ලක්වුණා. ඊට තවත් ප්රධාන සාධකයක් වන්නේ ලක්ෂ්මි, තම ප්රහාරයෙන් අනතුරුව ඇය, ආලෝක් ඩික්සිත් සහ තවත් ඇසිඩ් ප්රහාර වලට ලක්වූ කාන්තාවන් රැසක්, ඇසිඩ් වෙළඳාම නීතිමය වශයෙන් පාලනය කිරීමට ආරම්භ කල විරෝදයයි. එපමණක් නොව පුරුෂ මූලික සමාජ රටාවන් තුලින් කාන්තාවන්ගේ අයිතීන් යටපත් වන ආකාරයත් මේ සිද්දීන් සමග කරලියට පැමිණියහ. ලක්ෂ්මී අගර්වාල් හට ඇසිඩ් ප්රහාරයක් එල්ල වූයේ නයීම් ඛාන් නම් පුද්ගලයකුගේ විවාහ යෝජනාවක් ප්රතික්ෂේප කිරීම නිසාය. මේ පුද්ගලයා ලක්ෂ්මීගේ පවුල ළගින්ම ඇසුරු කරපු පුද්ගලයෙක්. කතාවේ narrative එකට මෙග්නා ගුල්සාර් සහ තිර රචනයට සම්බන්ද වන අතිකා චව්හාන් යොදාගන්නේ documentary-drama කියන ශෛලයක්. මගේ මතය අනුව නම් මෙය වෙනස්ම අත්දැකීමක් වගේම මෙග්නා සහ අතිකා විශිෂ්ට ලෙස මේ ශෛලය හසුරවා තිබෙනවා.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Download “සිංහල උපසිරැසි” Chhapaak.2020.Sinhala.subtitle.rar – Downloaded 471 times – 36 KB
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk