spot_img
spot_img

Cirkus (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Cirkus (2022) Sinhala Subtitle

 

කකුලකුත් කඩාගෙන, දතකුත් උගුල්ලන් ඉන්න ගමන් තමයි මේ උපසිරැසිය සින්ක් කරන් එන්නෙ මම. පළවෙනි වතාවට රෑ නැතුව දවල් වෙලා සබක් සින්ක් කරපු. ඉතිං සම්පූර්ණයෙන් කැමකට කරපු අසා ලිවීමක් තමයි. ඉතිං අඩු පාඩුවක් තිබ්බොත් සමාවෙන්න. මට හින්දි හුරුත් නෑ ලොකුවටම.

කථාව ගැන ගත්තම, පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් විඳුලිය වදිනවා.

ඔහොම වසර ගානක් ගියාම මේ නිවුන් ළමයි එකම රූපෙ නිසාත්, තමාගෙ රුව ඇති තව අයෙන් ඉන්න බව නොදන්නා නිසාත්, මෙයාලගෙ පවුල් වලට ලොකු ප්‍රශ්ණ එනවා. ලොකු පැටලිලි ජාලයක් මැද්දෙන් යන කථාවක්. විනෝදකාමී එකක්.

ලොකු ලිපියක් ලියන්න පුළුවන් කමක් නම් අද නෑ. ලහිරු අයියා ටත් ස්තුති කරනවා උදව් කලාට.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Cirkus (2022) සිංහල උපසිරැසි” Cirkus.(2022).Sinhala.Subtitles.rar – Downloaded 7541 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. ඔය කැපකිරීමට ඩබල් salute බන්
    උබලා නිසා තමයි අපි මෙහෙම රහට මෙච්චර ඉක්මනින් අලුත් ෆිල්ම් බලන්නේ
    ඔය ඩවුන්ලෝඩ් වෙන එක සබ් එකක් ගානේ අපෙන් කීයක් හරි උබලට යන විදියට ක්‍රමයක් හදන්න පුලුවන් නම් වටිනවා,මොකද මේ කාලේ අනුන් වෙනුවෙන් කිසිම ලාබයක් නැතුව දෙයක් දෙන්නේ සබ් හදන උබලා විතරයි
    ජය වේවා සබ් හදන යාලුවෝ ඔක්කොටම

  2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ………

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram