spot_img
spot_img
More

    Dangerous Lies (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dangerous Lies ලියල තියෙන්නෙ ඩේවිඩ් ගෝල්ඩන්. ඒ වගේම අධ්යක්ෂණය කරලා තියෙන්නෙ මයිකල් ස්කොට්. ආර්ථිකමය වශයෙන් අමාරු කාලයක් ගත කරන අලුත බැඳපු ජෝඩුවක් වෙන කේටි සහ ඇඩම් ගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ. කතාව මුලදී කේටී, MBA එක ඉවර කරන්න Try කරන ඇඩම්ට උදව්වක් විදිහට රාත්රී භෝජන හලක වැඩ කරනවා. ඒ දෙන්නට එයාලගේ අනාගතේ ගැන Plan එකක් තියනවා. ඇඩම් උපාධිය අරගෙන, ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබාගන්නවා, ඊට පස්සෙ කේටිට Diner එකෙන් අයින් වෙලා ආයම උපාධිය සම්පූර්ණ කරගන්න කැම්පස් එක්කට යන්න පුලුවන්. ඒක සාධාරණ ඒවගේම වගකිවයුතු සැලැස්මක්.ඒත් කාටද එච්චර ලස්සනය අනාගතේ සැලසුම් කරන්න පුලුවන් නේද?

    එක රෑක තුවක්කුකරුවෙක් කේටීගේ diner එක කොල්ලකෑමට උත්සාහ කරනවා. ඒත් කේටීව ගෙදර එක්කන් යන්න වේලාසනින් පැමිණෙන ඇඩම්, මැදිහත් වෙලා, කොල්ලකරු මෙල්ලකරනවා. ඒත් මේ සිද්දියෙන්, කේටී සහ ඇඩම්ගේ ජීවිතය දෙදරා යනවා. සොරකමෙන් පසු කේටි Diner එකේ රස්සවෙන් ඉවත් වෙනවා ඒ වගේම ඇඩම් ව්යාපාරික පාසලෙන් ඉවත් වෙනවා. ශිෂ්ය ණය, ක්රෙඩිට් කාඩ් සහ නොගෙවූ බිල්පත් වගේ දේවල් නිසා මේ තරුණ යුවළ අධික ණය බරකට හිරවෙනවා. මේ නිසාම දෙන්නා අතර ප්රශ්නත් එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් මේ අතරේ 88 හැවිරිදි ලෙනාඩ්ගේ (එලියට් ගුල්ඩ්) ගෘහ රැකවරණ සහකාරියක් විදිහට කේටි අලුත් රැකියාවක හොයාගන්නව, ඒත් ඇඩම්ට තමන් කැමති විදිහෙ රැකියාවක් හම්බවෙන්නේ නෑ. කොහොම හරි දෙන්නගෙ වලි වලින් පස්සෙ කේටි ලෙනාඩ් එක්ක කතා කරලා ඇඩම්වත් ලෙනාඩ් ගාව වැඩට ගන්නවා. ඒත් ලෙනාඩ් හදිස්සියේම මැරෙනවා. ඒ වගේම ලෙනාඩ් එයාගේ අන්තිම කැමැත්තෙන් මේ යුවලට එයාගේ ගෙදර පවරලා දීල තියනවා කියල මේ දෙන්නට දැනගන්න හම්බවෙනවා. අනිත් සිද්ධිය වෙන්නේ කේටි සහ ඇඩම් ගෙදර හංගලා තියන සල්ලි වගයක් හොයාගන්නවා. ඉතින් මේ දෙන්නගේ අන්තරාදායක බොරුකීම පටන් ගන්නෙ මෙතනින්.

    කොහොම වුණත් Dangerous Lies අපිට කාරණා කීපයක් කියලා දෙනවා. එකක් සල්ලි මිනිස්සුන්ව වෙනස් කරණවා. දෙක නිකන් හම්බෙන දේවල් ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. අනික තමා, අදහස් ගැලපෙන් නැත්තම්, අන්යෝන්ය අවබෝධයක් නැත්තම්, අනෙකාට ඇහුම්කන් දෙන් නැත්තම්, කසාද නොබැද ඉන්න එක හොදයි කියන එක.

    ඉතින් මම කියල තියන දේවල් එක්ක ඔයාලට හිතෙනවා නම් Netflix එකේ එක දිගට trending පෙන්නන Dangerous Lies තවත් boaring drama එකක් කියලා. ඇත්තටම එහෙම නෑ. කොහොමත් ඇදිරිනීතිය එක්ක අපෙ Stress level එකත් ටිකක් වැඩි නිසා, ලඟ ලඟ plot twist තියන මේ වගේ ෆිල්ම් එකක් බලපුවාම නිකන්ම පොඩි කික් එකක් එනවා. ඉතින් පැයක් එක හමාරක් කම්මැලි නැතුව එක තැනක ඉන්න පුලුවන් කරවන ෆිල්ම් එකක් තමා Dangerous Lies.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Dangerous.Lies.2020.Sinhala.subtitle.rar – Downloaded 309 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ඇන්ජෙලා කුමාරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram