More

    Dear Comrade (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    කොම්රේද් කියන්නෙ මොකක්ද?
    ඔයාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනි,
    ඒ වෙනුවෙන්  ඔයා ධේර්‍යයෙන් බය නැතිව කතා කරන්න ඔනි,
    ඒක වෙනුවෙන්,
    මොන අමරුකමක් ආවත් ඒකට එරෙහි වෙන්න ඔනි,
    ඒක හැබෑ කරගන්න,
    - Advertisement -
    - Advertisement -

    ඔයා ගමන් කරන සංචාරයේ ඔයාට උදව් කරන කෙනෙයි කොම්රේද් කියන්නෙ.

    ඉතින් කොහොමද කට්ටිය,ඔන්න අද ආවේ තෙලෙගු සිනමාවෙන් ලස්සන චිත්‍රපටියක් අරගෙන, මතකයිනේ අපේ Geetha Govindam  ජෝඩුව,..මැඩම්…මැඩම්..කියාගෙන පස්සෙන් ගියේ ගීතගේ…තෙලෙගු සිනමාවට ආදරේ කරන අයනම් නොබලපු චිත්‍රපටියක් වෙන්නනම් බෑ Geetha Govindam.මොකද ඒක ඒ තරම්ම රසික රසිකාවියන්ගේ සිත් ඇද බැද ගත්තා,විශේෂයෙන්මම ඒකේ රගාපාපු විජයි සහ ගිතා යන චරිත ගොඩක්ම රසිකයන් අතර ජනප්‍රිය උනා,ඉතින් ඔයා Geetha Govindam බලල නැත්නම් ඒකත් අරගෙන බලන්න කියල ඉල්ලනව,මොකද ඔයාට හොද තෙලෙගු චිත්‍රපටියක් මගැරිල නිසා,

    ඉතින් වැඩි විස්තර ඕනි නෑනේ ඔන්න ඉතින් අද අද අරගෙන ආවේ Geetha Govindam ගොඩක්ම ජනප්‍රිය උන යුවල Vijay Devarakonda සහ Rashmika Mandanna  රගපාන අලුත්ම චිත්‍රපටිය Dear Comrade.මේක නිකුත් වෙන්නෙ 2019 ජූලි 29,ඔන්න ඉතින් චිත්‍රපටිය ආපු සැනින්ම අපි සිoහල උපැසිරැසිත් අරගෙනම ආව,Imdb 7.1 ක අගයක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටිය දැනගන්න ලැබෙන විදියටනම් හින්දියෙනුත් නැවත නිර්මාණය කරන්න යනව කරන් ජෝහර්,එහෙම උනොත් Vijay Devarakonda චිත්‍රපටියක් හින්දියෙන් නිර්මාණය වෙන දෙවනි වතාවට වෙනවා,මොකද දැනටමත් Arjun Reddi හින්දියට නිර්මාණය උනා  Kabir Singh නමින්,එහෙම උනොත් ඊලග අවුරුද්දෙ ඒකත් බලන්න පුලුවන් වෙයි,

    එහෙනම් Dear Comrade කතාව ගැන ටිකක් කියන්නම්,චේතන්‍යා නැත්නම් බොබී (Vijay Devarakonda) කියන්නෙ කොලේජ් එකේ ශිෂ්‍යය එකමතුවේ නායකයා,කොලෙජ් එකේ කාට හරි ප්‍රශ්නයක් උනොත් අනිවාර්යයෙන්ම මෙයා තමයි උදව් කරන්නේ,බොබී කියන්නෙ කාටවත් බය නැති හැමවෙලෙම රන්ඩුවට යන කෙනෙක්,බොබී එහෙම උනාට අපර්ණා දේවි (Rashmika Mandanna )කියන්නෙ රන්ඩු වලට කැමති නැති,කිසිම ප්‍රශ්නයක් දාගන්න කැමති නැති,ගොඩක් බය ගැහැණු ලමයෙක්,ඉතින් අපර්ණාගේ ජීවිතේට බොබී ආවම තමයි සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නෙ,මේ දෙන්න හම්බවෙන්නෙත් ලස්සන විදියකට, ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ,ඉතින් වැඩිය කතාව ගැන මොකුත් කියන්නෙ නැ,අපර්ණා දේවිගේ චරිතෙන් සියළුම ගැහැණු ලමයින්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් වෙයි, එහෙනම් ඉතින් ඔයාටත් මෙහෙම කොම්රේද් කෙනෙක් ඉන්නවද,නැත්නම් එහෙම කොම්රේද් කෙනෙක් හිටියනම් හොදයිද කියල අරගෙනම බලන්නකෝ

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Dear.Comrade.(2019).Sinhala.Subtitle.rar – Downloaded 5256 times – 58 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram