today-is-a-good-day
More

    Dikkiloona (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන්! යාළුවො හැමදෙනාටම. මගෙ පලමුවන උපසිරසිය තමයි මං මෙලෙසින් ඔයාලට ගෙන එන්නේ. මේ චිත්‍රපටිය මීට දින කිහිපයකට කලින් තමයි පැමිණියේ. නම තමයි “Dikkiloona”. මෙහි අපි හැමෝම ආදරේ කරන කොමෙඩි නළු “සන්තානම්” තමයි රංඟනයෙන් දායක වෙන්නේ. ඒකත් ඔහු ත්‍රිපල් ඇක්ටින් තමයි කරන්නේ. යෝගි බාබු,රාජේන්ද්‍රන් යන අය මගින් මෙහි තවත් රසය වැඩි කර තියෙනවා. සුපුරුදු පරිදි සන්තානම්ගෙ චිත්‍රපටියට මේ පාරත් නිළියො දෙන්නෙක්වම අරගෙන තියෙනවා.

    මනී කියන්නේ EB එකේ වැඩ කරලා බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහන් ජීවත් වෙන කසාද බැදපු මනුස්සයෙක්. ඔහු කියන විදියට නම් ඔහු බැන්දට පස්සෙ තමයි මේ ඉරණම මොහුට අත් වුනේ. මොකද ඔහු හොකී ක්‍රීඩකයෙක් වෙන්න බලාගෙන හිටපු කෙනෙක්. මෙහෙම කලකිරීමෙන් ඉන්න විට දිනක් ඔහුට ලැබෙන ඇමතුමක් නිසා විදුලිය පිළිසකර කිරීමට ඔහු යම් තැනකට යනවා. ඔහුගේ ඉලෙක්ට්‍රොනික් උපකරණය අනුගමනය කල ඔහු ඒ දිශාව ඔස්සෙ ගිහින් අවසානයේ පරණ කාර් එකක ඩිකියක් ළග තමයි නතර වෙන්නේ. ඉතිං මේ ඩිකිය ඇරල බැලුවම තමයි ඔහු පුදුම වෙලා යන්නේ. ඩිකියක් ඇතුලේ මෙච්චර ලෝකයක් කියලා. යම් විද්‍යාගාරයක් තමයි තියෙන්නේ. ඒකෙ “කාල-තරණ යන්ත්‍රයක්” යම් විද්‍යාඥයින් පිරිසක් විසින් තනනවා. ඉතිං ඔහොම කතාව යද්දි යෝගි බාබුගේ සම්බන්ධයෙන් මේ යන්ත්‍රය ක්‍රියා කරන්න ගන්නවා. මේක තමයි 2027 ඉන්න මනීට ලැබෙන හොදම අවස්ථාව යළිත් 2020 ට ගිහින් ඔහුගේ කසාදෙ නතර කරන්න. ඉතිං ඔහු යළිත් අතීතය කරා ගමන් කරනවා.

    ඉතිං ඔහොම තමයි කතාව ඇරඹෙන්නේ. මනී 2020ට ගිහින් මොනව කරයිද? කෙසේ නම් කසාදය නතර කරයිද? මොකද දැන් 2020සෙත් මනී කෙනෙක් ඉන්නවා. මේක එලෙස ලේසි දෙයක් නම් වෙන්නෙ නෑ. ඒ වගේම 2027 සිට තවත් පිරිසක් මනීව අල්වාගැනීමට 2020ට පැමිණෙනවා. එක පොටක් යද්දි තව පොටක් අල්ලන මනී, මෙය කසාදෙන් පමණක් නම් නතර කලේ නැහැ. ඔයාලම එහෙනම් බලල අදහස් කියන්නකො, වෙනදට වැඩිය චුට්ටක් කොමඩි ගතිය අඩු වුනත්, හොද ආදර්ශයක් මේ පාර සන්තානම්ගෙ මේ චිත්‍රපටියෙන් ප්‍රේක්ෂකයාට ගෙනහැර පාලා තියෙනවා. ඒවගේම ලයින් 3000ක් පමණ වුන මේ චිත්‍රපටයට කල මගෙ පළමු වන උපසිරැසියත් ඔයාලට රුකුලක් වෙයි කියලා හිතනවා. ගිහින් එන්නම්. ජය!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Dikkiloona (2021) සිංහල උපසිරැසි” Dikkiloona.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4984 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නාරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. එනකල් බලම් හිටිය සබ් එකක් යාලූ…සුපිරි අහ්.මුලින්ම දෙන්නේ ඔයාලම තමා ❤ ආදරෙයි ❤❤

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

      Request:

      Helmet (2021)

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram