More

    Double World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අළුතින් නිකුත් වුන චයිනීස් ෆිල්ම් එකකට තමා අද උපසිරැසි අරගෙන එන්නෙ. කියන්න ඕන පල්වෙනි වතාවටයි මේ චයිනීස් සහ හිස්ටොරිකල් ටයිප් එකක් කරන්නෙ ඒ නිසා රජ කාලෙ භාසවටම නොයා සාමාන්‍ය විදිහටත් තමා උපසිරැසි ගන්වලා තියෙන්නෙ. මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 දෙසැම්බර් 27 වෙනිදා. IMDB හි 6.4 ක අගයක් ලබා ගන්න සමත්වෙලා තියනවා. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Teddy Chan විසින් වන වගේම Henry Lau (Dong Yi Long) ,Peter Ho (Chu Hun), Jiang Lu Xia (Bi Nu), Lin Chn Han (Jinggang) යන අය ප්‍රධාන චරිතවලට පනපොවනවා .

    Action, Adventure, Fantasy හා War ගනයන්ට අයත් වන මේ Double World චිත්‍රපටයේ කතාව ගැන දැන් පොඩ්ඩක් බලමු. උතුරු යාන් හා දකුණු ෂාඕ කියන රාජ්‍ය දෙකක් ගැන තමා . මේ දෙගොල්ලො අතර පෙර යුධ ගැටුම් ඇති වී තියන නිසා තමා මෙහෙම දෙකට වෙලා තියෙන්නෙ, දෙපැත්තම එකිනෙකාට සතුරො.. කතාව පෙන්වන්නෙ දකුනු ෂාඕ ගැන. එයාලගෙ දේශය රැකගන්න අලුත් සෙන්පතියෙක් තෝරන්න ප්‍රධාන උපදේශක තරඟයක් තියන්න යෝජනා කරනවා. ඉතිං එයාලගෙ ලාබාල රජා මෙයා කියන ඕනම දෙයක් පිලිගන්නවා. ඉතිං වංශ අටෙන් කණ්ඩාය,මකට තුන බැගින් ගෙන්වලා තරඟය තියන්න ආරම්භ කරනවා. ඉතිරිය බලලම දැනගන්න ඔයාලට බාරයි

    මේ චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්න උදව් කරපු සුසාර සහෝදරයටත් ස්තූතිය පුද කරමින් තවත් උපසිරැසියක් අරගෙන හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න (2869 downloads)

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

     

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here