spot_img
spot_img
More

    Dragon (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dragon (2025) Sinhala Subtitle

    අශ්වන්ත් මාරිමුත්තු අධ්‍යක්ෂණය කළ, ප්‍රදීප් රංඟනයෙන් දායක වන ඩ්‍රැගන් චිත්‍රපටයට උපසිරැසි අරගෙන තමයි අද ආවේ. චිත්‍රපටියේ ප්‍රදීප් රංගනාදන් සමඟ අනුපමා පරමේෂ්වරම්, ගෞතම් මේනන්, මෙස්කින්, ජෝජ් මාර්යන් සහ නවක නිළි කායඩු ලෝහාල් රංඟනයෙන් දායක වෙනවා. ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් මේ චිත්‍රපටය තිරගත වෙනවා. ටිකක් වත් කම්මැලි නොහිතෙන විදිහට Twist පිට Twist දීලා ලස්සනට චිත්‍රපටිය ගලාගෙන යනවා. ප්‍රදීප්ගේ මීට කලින් ආවේ “ලව් ටුඩේ.” එතකොට අධ්‍යක්ෂකතුමාගේ කලින් චිත්‍රපටය “ඕ මයි කඩවුලේ.” දෙකම බ්ලොබස්ටර් දෙකක්. ඔයාලා ඒ දෙකත් බලන්න සුපිරිම චිත්‍රපට දෙකක්.

    ඇරියර් 48ක් තියෙන දඩබ්බර ශිෂ්‍යයෙක්, ඩ්‍රැගන් පස්සෙම පන්නන විදුහල්පති කෙනෙක්, පුතා උපාධිය අරගෙන එනකම් බලාගෙන ඉන්න තාත්තෙක්. මෙහෙමයි චරිත අශ්වන්ත් හදලා තියෙන්නෙ.

    කැම්පස් එකේ කරපු දඩබ්බර වැඩකට ප්‍රදීප්ව කැම්පස් එකෙන් පන්නවා. අවුරුදු දෙකකින් කැම්පස් එකේදී යාළුවුණ කෙල්ලත් දාලා යනවා. ඔහොම ඉද්දි තමයි ඩ්‍රැගන්ට සාර්ථක වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. ඉතින් ඩ්‍රැගන්ට ලැබෙනවා ජීවිතය හදාගන්න දෙවනි අවස්ථාවක්. එහෙනම් ඔයාලම බලලා දැනගන්න. පැය දෙකක් පුරාවට හිනස්සලා Climax එකත් ගොඩක් ඉමෝෂනල් කරලා තිබුණා. ඒ වගේ ස්ප්‍රයිස් කැමියෝ එකකුත් තියෙනවා. ඔබට ඉහළ රසවින්දනයක් ලබා දීමට චිත්‍රපටයෙ ගීත කිහිපයක් ද උපසිරැසි ගන්වලා තියෙන්නේ. තවත් උපසිරැසියක් හමුවෙමු.
    චිත්‍රපටය 1Tamilmv වෙබ් අඩවියේ PRE HD පිටපත් සඳහා ලබා දී ඇත. ගුණාත්මක WEB පිටපත් ආ විඟස යාවත්කාලීන කර දෙන්නම්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති PRE HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ

     

    Download “Dragon (2025) සිංහල උපසිරැසි” Dragon.(2025).Sinhala.Subtitle.rar – Downloaded 1133 times – 284 B

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ස්තූතියි දිලීප සහෝ සබට…
      එච්ඩී ආපුහම අප්ඩේට් එකක් ඕනේ…….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram