spot_img
spot_img
More

    Dunkirk (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද හැමෝටම! හැමෝම හොදින් ඇති කියලා හිතනවා, ඔන්න ඉතින් සැහෙන්න කාලෙකින් තමා උපසිරැසියක් කරන්න අවස්ථාව ලැබුනේ. ඉගනීමේ වැඩත් එක්ක උපසිරැසිකරණයෙන් යම්තාක් ඈත් වෙලා හිටියත් අවස්ථාව ලැබුන වෙලාවක ඔයාලා වෙනුවෙන් උපසිරැසියක් ලබා දෙන්න උපරිම උත්සහ කරනවා. ඒවගේම ඉතින් නෝලන් අයියගේ ෆිල්ම් එකක් කිවම එහෙම අතෑරලා පුලුවන්ද, ඉතින් වැඩි කතා නැතුව චිත්‍රපටය දිහාට හැරෙමු, කතාවට පොඩි හැදින්වීමක් කලානම් හොදයි කියලා හිතනවා මොකද මේ චිත්‍රපටයට සම්බන්ද සිද්දිය ඒ තරම් ප්‍රසිද්ද නොවුන කත පුවතක්,ඉතින් ඒ ගැන අදහසක් දැනගෙනම චිත්‍රපටය නැරඹුවනම් හොද රසවින්දනයක් ලබා ගන්න පුලුවන් වෙයි. ඩන්කර්ක් මුදවාගැනීම, ඔපෙරේශන් ඩයිනමෝ, සහ ඩන්කර්ක් ආශ්චර්ය වගේ නම් ගොඩකින් හදුන්වන සිද්දියට පාදක වෙලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ, දෙවෙනි ලෝක යුධ සමයේ නාසි හමුදාව මුලින්ම අසල්වැසි පෝලන්තය ආක්‍රමණය කලාට පස්සේ 1939දි ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය හවුල එකතුවෙලා ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. මාස 8ක කාලයක් පැවති යුද්දයෙන් පස්සේ ජර්මනියට හැකියාව ලැබෙනවා බෙල්ජියම නෙදර්ලන්තය සහ ප්‍රංශය ආක්‍රමණය කරන්න. එතනදි ජර්මනිය සමත් වෙනවා බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදාවේ 400,000ක පමණ සෙබළු පිරිසක් ප්‍රංශයේ ඩන්කර්ක් වරාය සහ වෙරළ අවටකොටු කරලා තබා ගන්න, බ්‍රිතාන්‍යන්ට සිද්ද වෙනවා තමන්ගේ මව් රට පේන සීමාවේ ඉදන් සතුරන්ගේ පාබල නාවික සහ ගුවන් ප්‍රහාර වලට ලක් වෙන්න. අන්ත අසරණ තත්වයකට පත් වෙලා හිටපු සෙබළුපිරිස මුදවාගන්න උදවු කරන්න කියලා බ්‍රිතාන්‍ය රජය තමන්ගේ රටේ කුඩා බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ආකාරයෙන් සිද්ද වුන මහා මුදවාගැනීමේ කතා පුවත තමා මේ විදියට දිග හැරෙන්නේ.

    චිත්‍රපටේ අධ්‍යක්ශකවරයගෙ නම කිව ගමන් චිත්‍රපටය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ වෙන එකක් නෑ, IMDB දර්ශකයේ 8.3 ක අගයක් ලා ගන්න මෙය සමත් වෙලා තියෙනවා, දන්නවනේ නෝලන්ගේ චිත්‍රපට 10න් 8ක්ම ලෝකයේ හොදම චිත්‍රපට 250 අතරේ තියෙනවා කියලා. මෙහි තිර රචනය, අධ්‍යක්ශණය වගේම සම නිශ්පාදනයත් කරලා තියෙන්නේ නෝලන් විසින්මයි. නෝලන්ගේ කලින් චිත්‍රපට විදියට, Inception, Intesteller, The dark night වගේ චිත්‍රපට හදුන්වන්න පුලුවන්. ඩොලර් මිලියන 100ක බරපැනකින් නිමවුන මේක ලොවපුරා තිරගත කිරීමේන් ඩොලර් මිලියන 525ක ආදායමක් උපයාගන්න සමත්වුනා, ඒවගේම දෙවන ලෝක යුධ සමය ගැන තිරගත වුන වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය විදියට ඒ ලැයිස්තුවේ උඩට එන්න සමත් වුනේ Saving Private Ryan චිත්‍රපටයත් පහු කරමින්. මිනිත්තු 106ක ධාවන කාලයක් පුරා දිග හැරෙන මෙය, 2017 වර්ශයේ හොදම චිත්‍රපටය, හොදම සිනමාකරණය, හොදම අධ්‍යකශ්ණය, හොදම සංස්කරණය වගේ අංශ වෙනුවෙන් බොහෝ සම්මාන උළෙලවල් වෙනුවෙන් නිර්දේශ වෙලා අවසන්. ඉතින් මේක නරඹන්න මීට වඩා විස්තර ඕනේ වෙන එකක් නෑ, කාලෙකින් කරපු උපසිරැසියක් නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති, ඉතින් ඒක බාධාවක් කරනොගෙන චිත්‍රපටය රසවිදින්න කියන ඉල්ලීම එක්ක, මම ගිහින් එන්නම්, ජයවේවා!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “Dunkirk (2017) සිංහල උපසිරැසි” Dunkirk.2017.Sinhala.Subtitle.rar – Downloaded 836 times – 16 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුපුන් වීරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram