today-is-a-good-day
More

    Teen Wolf (2011) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Zoom අඩවියට වසර තුනක් සපිරීම හා සමගාමීව අප සමග නිරතුරුව රැදී ඉන්න ඔබ වෙනුවෙන් තවත් තිලිණයක් ලබාදෙන්න තමයි මේ සූදානම් වෙන්නෙ, 2011 වසරේ දී MTV නාලිකාවේ විකාශය ආරම්භ කරපු මෙම කතාමාලාවෙ කතා සමයන් තුනක් මේ වෙනකොට විකාශය අවසන් කරල තියෙනවා, හතරවෙනි කතා සමය 2014 වසරේ විකාශනය වෙන්න නියමිතයි, මෙය IMDB දර්ශකයේ 7.4/10 ක් හා TV.Com දර්ශකයේ 8.8/10 ක අගයක් රදවාගන්න සමත් වෙලා තියෙනවා. ක්‍රියාදාම ත්‍රාසජනක, ආදර කතා, හාස්‍යමය වර්ගීකරණයට අයිති වන මෙම කතාමාලාව විවිධ සම්මාන රැසකට පාත්‍ර වෙන්නත් සමත් වෙලා තියෙනවා, බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීමක් සැලකිල්ලට අරගෙන තමයි මේක උපසිරැසි ගන්වන්න තීරණය කලේ. ඒ නිසා තමයි රසික ඔබව රස්තියාදු නොකර පලවෙනි සම්පූර්න කතාමාලවටම උපසිරැසි ගන්වල අරගෙන ආවෙ, ඔයාලට මේකෙදි හුරුපුරුදු මූනු කිපයකුත් දකින්න ලැබේවි, මේක Twilight චිත්‍රපට මාලාවට සමානයි, එහෙනම් කතාව ගැන පොඩි හැදින්වීමක් බලමු.

    බීකොන් හිල්ස් පාසලේ ඉගනුම ලබන ලාබාල වයසෙ පසුවන තරුණයන් පිරිසක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. ස්කොට් සහ ස්ටයිල්ස් කියන්නෙ අඹ යාලුවො දෙන්නෙක්, දවසක් රෑ වෙලාවක ස්ටයිල්ස්, ස්කොට්ව හමුවෙන්න එන්නෙ ස්ටයිල්ස් එයාගෙ පොලිසියෙ සේවය කරන තමන්ගෙ තාත්තගෙ දුරකතන සංවාදයක හොරෙන් ඇහුම්කන් දීල හොයාගත්ත ආරංචියකුත් එක්ක, ඒ ආරංචිය තමයි මරල දාපු ගෑනු ලමයෙකුගෙ සිරුරෙ කොටසක් කැලෑව ඇතුලෙ තියෙනව කියන ආරංචිය, ඉතින් මේ දෙන්න ඒ සිරුරෙ ඉතුරු කොටස හොයන්න කැලෑව ඇතුලට යනව, එතනින් තමයි කතාවෙ ආරම්භ වෙන්නෙ, කතාවෙ රසවින්දනයට බාධා වෙන නිසා වැඩි විස්තර කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මේක කිසිම කම්මැලිකමක් නැතිව එකදිගටම බලල ඉවර කරන්න පුලුවන්, දෙවැනි කතා සමය එක්ක නැවත හමුවන බලාපොරොත්තුවත් එක්ක ගිහින් එන්නම්, ජයවේවා!, රැදීසිටින්න සිංහල උපසිරැසි කලාවේ ප්‍රමුඛයා Zoom.lk සමඟ!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  12ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Teen.Wolf.Season.1.Sinhala.subtitle.rar – Downloaded 2500 times – 198 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුපුන් වීරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram