spot_img

Ee Maya Peremito (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මුලින්ම තෙලුගු චිත්‍රපටයට උපසිරසි අරගෙන එන්න හිතුවා.2018 වසරේ නිකුත් වුවත් මේ අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උන මේ චිත්‍රපටය Ee Maya Peremaito ලෙස නම් කර තියෙනවා.6.7 තරම් ඉහළ imdb අගයක් හිමිකරගෙන ඇති මේ චිත්‍රපටයට 81%ක ගූගල් කැමත්තකුත් ලැබිලා තියෙනවා. නමින්ම තේරෙනවනි මේ මොන වගේ සිත්තමක්ද කියලා? ඔව් ගොඩාක් ලස්සනට ගලාගෙන යන ආදර කතාවක් තමයි මේක.ඔයාලට පලමු විනාඩියේ ඉදලම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට මේ චිත්‍රපටය බලල ඉවරකරන්න පුළුවන් කියලනම් කියන්න පුලුවන්.

කතාවේ ප්‍රධාන චරිතයන්ට දායක වෙන්නේ කඩවසම් නළු Rahul Vijay සමගින් සුරූපි නිලී kavya thapar විසිනි.ඒ වගේම තෙලුගු සිනමාවේ Natural Star නානි මේ සිත්තමට තම හඬින් දායකවෙලා තියෙනවා. Murali sharma,rajendra prasad වගේ තෙලුගු සිනමාවෙ ප්‍රවීන රංගදරයන් රැසකුත් මේ සිත්තම තුල ඔබට දැකගන්න පුළුවන් වෙනවා.

කතාවත් චූට්ටක් කියලම ඉන්නම්කෝ චන්දු කියන්නේ කොලනියක ඉන්න කිසිම රස්සාවක් නොකර යාළුවොත් එක්ක දවසපුරාම රස්තියාදුවේ යමින් කාලය ගතකරන කොල්ලෙක්.නමුත් චන්දු පොඩ්ඩක් බොනව ඇරෙන්න වෙන කිසිම නරක වැඩක් කරන්නේ නෑ.දවසක් ඒ කොලනියට ආපු වෙලාවක ශීතු කියල ගෑණුලමයෙක් එයාව දැකලා එයාගෙ හොද වැඩ ගැන පැහැදිලා එයාට හිතින් කැමත්තක් දක්වනවා.ඒත් චන්දු මේ කිසිදෙයක් දන්නෙ නෑ.හැබැයි ටික දවසක් යද්දි චන්දුටත් දැනගන්න ලැබෙනවා කෙල්ලෙක් එයා ගැන හොය හොය එයාගෙ පස්සෙන් එනව කියල. කොහොමහරි ගේමක් ගහලා චන්දු ඒ කෙල්ලව හොයාගෙන දෙන්නත් එක්ක ආදරයක් පටන් ගන්නවා.හැබැයි ශීතුගේ තාත්තාට මේ ගැන ආරංචිවෙලා චන්දු ගැන හොයන්න ගන්නවා.කිසිම රස්සාවක් කරන්නැති චන්දු වගේ කොල්ලෙක්ට තමන්ගෙ දුවව දෙන්නෙ නෑ කියන මතය නිසා එයා චන්දුට කියනවා වෙනස්වෙලා පෙන්නන්න කියලා.චන්දුත් ඒ කීම අහලා රස්සාවක් හොයාගෙන වෙනස්වෙනවා.ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ.ශීතුට නම් චන්දුගේ ඒ වෙනස්වීම දරාගන්න බැරිව යනවා.ඒ නිසා චන්දුගේ ආදරේටත් ලොකු බලපෑමක් වෙනවා. ඉහත කී ආකාරයේ ආදරය,කඳුළ,සතුට,කුතුහලය මැද ලස්සනට කතාව ගලාගෙන යනවා. ඉතින් මගේ පලමු උපන්දින තෑග්ග අරගෙන ඔයාලට චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරමින් ඉක්මනටම මගේ දෙවනි උපන්දින තෑග්ගත් අරන් ඔයාල හමුවට එන්න පොරොන්දු වෙමින් මම දැනට නවතිනවා.. බුදුසරණයි !!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram