today-is-a-good-day
More

    Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අපේ නාට්‍යයේ කතාව තමයි
    අලුත් පරම්පරාවේ ආදර කතාවක්
    දෙන්නෙක් කසාදෙකදී හමබ්වෙනවා
    එයාලට ආදරයක් ඇති වෙනවා
    ඒත් මුළු ලෝකෙම එයාලට විරුද්ධයි,
    හරියට අද කාලේ වෙනව වගේ
    ඒත් අන්තිමේදී ඔක්කොම හරියනව
    එයාලගේ ආදරේ පිලිගන්නවා

    කෝ…මේකේ අලුතෙන් මොකක්ද තියෙන්නේ
    පරන ඒ කතාවමනේ

    Ek Ladki Ko Dekha Toh Aisa Laga ”එක යුවතියක දැක්කාට පසුව මෙලෙස දැනුනා”

    මටත් මේක මුලින් බලන්න පටන් ගනිද්දි හිතුනේ ඕකම තමයි මේකත් මොකක්ද පරන ඒ කතාවම ආයෙත් එක එක විදියට ලස්සනට ගොතලා ඇති කියලා එත් චිත්‍රපටිය බලන් යද්දි තමයි තේරුනෙ මේක ඒ පරණ කතාවම නෙවෙයි ඊට වඩා ගොඩක් සංකීර්න දෙයක් තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ කියලා

    සමහර ආදර කතා සරල නෑ,ස්විටීගේ කතාවක් ඒ වගේ එකක්.. ස්විටි (සෝනම් කපූර්) එයාගේ පවුලේ අයට ඕනි කොහොම හරි එයාගේ කසාදේ කරල දෙන්න.. නමුත් ඇය ඒකට වැඩි කැමැත්තක් නැහැ…. ඒ අතර සාහිල් මිර්සා කියන්නේ තරුණ නාට්‍ය රචකයෙක් (රාජ්කුමාර් රාඕ) එයා ස්විටිට හිතින් ආදරේ කරන්න පටන් ගන්නවා , කොහොම හරි සාහිල් හා ස්විටි මිතුරන් බවටත් පත් වෙනවා… නමුත් ස්වීටීට ලොකු අවුලක් තියනවා…ඒ ඇයගේ හිතේ තියෙන දේ තාත්තාට වගේම එයාගේ පවුලේ අයට කියාගන්න බැරිව එයා දුකෙන් ඉන්නේ මොකද ඒ දේ නිසා එයාගේ පවුලේ අයට එයාලගේ සම්ප්‍ර‍ධායට, සංස්කෘතියට කැලලක් වෙයිද කියල බය නිසා..

    බල්බීර් චෞද්‍රි (අනිල් කපූර්) කියන්නෙ නගරේ ඉන්න හොද ඇදුම් වියාපාරියෙක් පන්ජාබ් වල තියෙන මෝගා කියන නගරයේ…ඒ වගේම මොහු එයාගේ දුව ස්වීටිට ගොඩක්ම ආදරේ තාත්තා කෙනෙක්,ඉතින් දවසක් මෙයා එයාගෙ අම්මගේ උපන්දිනේට සාදයක් ලෑස්ති කරනවා, කොහොමින් කොහොම හරි අපේ රචකයාටත් මේ පාර්ටි එකට ආරාධනා ලැබෙනවා,ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා හිතල මෙයා පාර්ටි එකට යන්නෙ ස්වීටිට එයාගේ ආදරේ ප්‍රකාශ කරන්නත් එක්කමයි, ඉතින් ඔතනින් තමයි කතාවම උඩුයටිකුරු වෙන්නේ..

    ඉන්දියා සිනමාවේ මේ තේමාව රැගත් චිත්‍රපටි බිහි උනත්, ප්‍රසිද්ධ නළු නිලියන් සමග වානිජ සිනමාවට මේ තේමාව රැගෙන ආපු පලවෙනි වතාව කියල තමයි මේක හදුන්වන්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි දමිළ හා තෙලඟු සිනමාවේ අය හොදින්ම දන්න Regina Cassandra ගේ බොලිවුඩ් ආඟමනයත් මේ චිත්‍ර‍පටියෙන් සටහන් වෙනවා…බලමුකෝ ඇය දිගටම බොලිවුඩයේ චිත්‍ර‍පටි වලින් දකින්න ලැබේවිද කියලා…. ඉතින් ඔයාලත් බලලම ඉන්නකෝ ඔයාලටත් එක යුවතියක් දැක්කාට පසුව මෙලෙස දැනේවිද කියලා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ek.Ladki.Ko.Dekha.Toh.Aisa.Laga.(2019).Sinhala.Subtitle.rar – Downloaded 208 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram