spot_img

Escape Plan 2 Hades (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Steven C. Miller විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් විමට තිබ්බේ මේ 2018 ජුනි 28 වැනිදා. ඒ කියන්නේ මේ මාසේ. කොහොම හරි තිරඟත කරන එක පැත්තකට දාලා නිල වශයෙන් බ්ලුරේ පිටපතක්ම නිකුත් කරන්න මොවුන් තිරණය කරලා තියනවා. ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙත් ඒ බව දාලා තිබ්බා. කොහොමත් බ්ලුරේ නිකුත් වෙන්න තියන දිනට කලින් අන්තර්ජාලයට පිටපත් එන නිසා ඔයාලාට ඔන්න වැඩිකල් ඉවසන්නේ නැතුවම මේ චිත්‍ර‍පටිය බලන්න හැකියාව ලැබිලා තියනවා..

මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධන චරිත සදහා Sylvester Stallone,Dave Bautista,Huang Xiaoming,Jaime King,,50 Cent,Jesse Metcalfe,Wes Chatham හා Titus Welliver වැනි ජනප්‍රිය නළුනිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් ඔයාලා පලවෙනි චිත්‍ර‍පටිය බැලුවාම දකින්න ඇති (පළමු චිත්‍ර‍පටිය නිකමට හරි බලලා නැත්නම් මෙතැනින් එහාට කතාව කියවන්න එපා ) රේ බ්‍රෙස්ලින් කියන්නේ හිරගෙවල් වල ආරක්ෂාව පරික්ෂා කරන කෙනෙක්. ඔහුට නිසි ගෙවිමක් ලැබුනාම ඔහු හිරේට ගිහින් එතැනින් පනින් පුලුවන් ක්‍ර‍මයක් තියනවාද කියලා බලලා පැන්නොත් ඔහුට අර ගෙවිමක් ලැබෙනවා. නමුත් පලමු කතාවේදිම රේ බ්‍රේස්ලින්ව ආණ්ඩුවෙන්ම තිරණය කරනවා පනින්න බැරි හිරගෙදරක හිර කරන්න. නමුත් ඔහු එතැනිනුත් පනිනවා නිකම්ම නෙමෙයි තවත් පුද්ගලයෙක් එක්ක. අවසානයේ දැනගන්න ලැබෙනවා රේව මේ හිරේට යවන්නේම මේ පුද්ගලයාව පැනගන්න උදව් කරන්න කියලා. කොහොම හරි දෙවැනි චිත්‍ර‍පටියෙත් රේ යන්නේ හිර ගෙයක් පරික්ෂා කරන්න නෙමෙයි හිර ගෙදරක ඉන්න තවත් හිරකරුවෙක්ව නිදහස් කරන්න. ඉතින් මෙවරත් ඔහු සාර්ථක වේවිද නැත්නම් මේ පාර අසාර්ථක වේවිද කියලා චිත්‍ර‍පටිය බලලාම දැනගන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ 3වැනි කොටසකුත් හදන්න දැනටම තිරණය කරලා ඉවරයි. එහෙනම් මේක අරන් බලන්න. ඉක්මනින්ම තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

Escape Plan (2013) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram