today-is-a-good-day
More

    Escape Room Tournament of Champions (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Escape Room (2019) කතාවේ දෙවෙනි දිගහැරුම Escape Room: Tournament of Champions (2021) චිත්‍රපටියේ උපසිරැසි අරගෙන ආවා. මම කලින් චිත්‍රපටියේදී විස්තර කලා, escape room නැත්නම් හිර කාමරයක් කියන්නේ මොකද්ද කියලා. නොදන්න අයට කෙටියෙන් ආයෙත්. නන්නාදුනන කිහිපදෙනෙක්ව කාමරයක් ඇතුලේ හිරකරනවා. එයාලාට ඒකෙන් බේරෙන්න නම්, ප්‍රහේලිකා විසඳලා හෝ ක්‍රියාකාරකම් කරලා, එලියට යන දොර ඇරගන්න ඕනේ. මේකට දෙන්නේ පොඩි වෙලාවක්. හැමෝම එකතු වෙලා විසඳුවොත් ලේසියෙන් බේරෙන්න පුළුවන්. මේක ඇමරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒත්, මෑතකදී චිත්‍රපටි නිර්මාණකරුවන් මේ ක්‍රීඩාව භයානක මාරාන්තික එකක් කරලා. ජීවිතයට හානි විය හැකි උගුල් කාමර තුලට දාන්න පටන්ගෙන. මේ චිත්‍රපටියත් ඒ වගේ එකක දෙවෙනි දිගහැරුම.

    Adam Robitel විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ Neal H. Moritz විසින්. Bragi F. Schut විසින් නිර්මාණය කරපු චරිත පදනම් කරගෙන තමයි මේ කතාවත් දිගහැරුනේ. රඟපෑමෙන් කලින් චිත්‍රපටියේ හිටපු ප්‍රධාන චරිත දෙකම දායක වෙනවා. අප්‍රිකානු සම්භවයක් තියෙන තරුණ නිළි Taylor Russell, සෝයි ගේ චරිතය ඉතා දක්ෂ ලෙස රඟපානවා. ඇගේ රසිකයෝ මේ චිත්‍රපටිය ආශාවෙන් නරඹනවාට සැකයක් නෑ. ඇය සමඟින් Logan Miller (බෙන්), Deborah Ann Woll (අමන්දා), Indya Moore (බ්‍රියන්කා) සමඟින් Holland Roden (රේචල්) රඟපෑමෙන් දායක වෙනවා.

    කතාව කෙටියෙන් කියනවා නම්, මේකෙදීත් එකිනෙකා නොහඳුනන හයදෙනෙක් එකතු‍ වෙනවා. එයාලා එකුවෙන්නේ, කිසිම දෙයක් නොදැනෙන්න. පළවෙනි හිර කාමරයට යනකොට තමයි එයාලා දැනගන්නේ, මිනෝස් සෙල්ලම පටන්ගෙන කියලා. එයාලා දැනගන්නවා, හැමෝම කලින් මේ ‍තරඟය කරලා තියෙන බව. හැමෝම තරඟයේ එකම ජයග්‍රාහකයෝ. එයාලා අතරේ වෙන මේ තරඟයෙන් මොකද වෙන්නේ? සෝයි, බෙන් මේකෙනුත් බේරෙන්න පුළුවන් වෙයිද? මිනෝස් ලාව හොයාගෙන යන ගමන සාර්ථක වෙයිද? මේවාට පිළිතුරු, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳ දැනගන්න. ජයවේවා!!

     

    Escape Room (2019) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Escape Room Tournament of Champions (2021) සිංහල උපසිරැසි” Escape.Room.Tournament.of.Champions.(2021).Sinhala.Subtitles.rar – Downloaded 3013 times – 932 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram