More

    Evaru (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 බලපු තවත් ලස්සන , කුතුහලය අවසානය වන තෙක් තියෙන සිනමා නිර්මාණයක් තමයි ” Evaru ” කියන්නේ. 2017 තිරගත වුණු ස්පාඣ සිනමා නිර්මාණයක් වුණු ” The Invisible Guest ” සිනමා නිර්මාණය ඔයාල බලලා තියෙන්න පුළුවන්. ඒ සිනමා නිර්මාණයම බොලිවුඩ් වලත් නිර්මාණය වුනා ” Badla , 2019 ” නමින්. ඒක ගොඩක්ම නිර්මාණය වුනේ බටහිර පන්නයට බරවයි. නමුත් ” Evaru ” කියන්නේ තෙළිගු සිනමා නිර්මාණයක්. හැබැයි මේ නිර්මාණය ඉන්දියාවට ගැලපෙන අයුරින්ම මෙහි නිර්මාණකරුවා අතින් නිම වී තියෙනවා. මෙම නිර්මාණයත් ” The Invisible Guest ” , ” Badla ” යන නිර්මාණවල ආභාෂය පදනම් කර ගනිමින් නිර්මාණය වී තිබෙනවා.

    තෙළිගු නිර්මාණයක් වන මෙම සිනමා නිර්මාණය ඉහත සදහන් කල සිනමා නිර්මාණ දෙකටම වඩා වෙනස් කම් වලින් යුක්තව නිර්මාණය වී තිබෙනවා. මේ චිත්‍රපට ගත්තම මේ තුනෙහි කතාවන් පොඩි පොඩි වෙනස්කම් ඇතුව තමයි නිර්මාණය වෙන්නේ. ඔබ බැළුවොතින් තීරණය කරන්න පුළුවන් වඩා හොදම සිනමා නිර්මාණය කුමක්ද කියා. මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ අළුත් අධ්‍යක්ෂක කෙනෙක්. ඔහු නමින් Venkat Ramji. ඒ වගේම මෙම සිනමා නිර්මාණය crime / drama / mystery / thriller කාණ්ඩයට අයත් වන නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , Adivi Sesh , Naveen Chandra , Regina Cassandra ඇතුළුව තවත් නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙනුයි. ඒ අතරිනුත් තෙළිගු සිනමාවේ Thriller King ලෙස හදුන්වන Adivi Sesh ගේ රංගනය අගය කළ යුතුමයි. ” Kashanam ” , ” Goodachari ” ඔහු රගපෑ තවත් ඉහළ තියෙන thriller සිනමා නිර්මාණ දෙකකි.

    මෙම නිර්මාණය නිෂ්පාදනය කරන්නේ , Pearl V. Potluri , Param V. Potluri , Kavin Anne යන අය විසිනුයි. ඒ වගේම මෙහි සංගීතය , Sricharan Pakala විසිනුත් සිදුකර ඇති අතර , මෙහි තිර පිටපත ලියන්නේද , අධ්‍යක්ෂක Venkat Ramji විසිනි. මෙය 2019 අගෝස්තු 15 තිරගත වීම අරඹනවා. ඒ වගේම ඉන්දීය රුපියල් කෝටි හතක වියදමින් නිර්මාණය වුණ මේ සිනමා නිර්මාණය බොක්ස් ඔෆිස් ආදායම සටහන් කරන්නේ ඉන්දීය රුපියල් කෝටි 35 ලෙසයි. ඒ වගේම IMDb හි 8.3/10 අගයක් මෙම සිනමා පටය ඉදිරියේ සටහන් කරගන්නත් සමත් වෙනවා. සිනමා නිර්මාණයේ ආරම්භයේ සිට කුතුහලය , අභිරහස්බව , ආදරය , ශෝකය , පළිගැනීම මේ හැම දේම අඩු නැතිව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් තමයි ” Evaru ” කියන්නේ. මිනීමැරුමක් පාදක කරගත් මේ කතාව අවසානයේ කවුරුත් නොහිතපු අභිරහසක් එළියට එනවා. මේ වගේ සිනමා අත්දැකීමක් නොවිදපු ඔයාලට මේ සිනමා නිර්මාණය සුපිරි ඝණයේ අත්දැකීමක් වේවි. බොහෝ අය බලපු අය ඇති. නොබලපු අය බලන්න හිතන් ඉන්න ලයිස්තු වලට මේ සිනමා නිර්මාණයත් එකතු කර ගන්න. බලලා ඉවර කරලා ඔයාල තීරණය කරන්න මුල් කතාවට වඩා හොද සාධාරණය ඉටු කරේ හින්දි අධ්‍යක්ෂකවරයාද , තෙළිගු අධ්‍යක්ෂකවරයාද කියලා. ඔයාලගේ අදහස් පලකරන්නත් අමතක කරන්න එපා.

    අපේ දුක . . . අපේ ප්‍රශ්ණ . . .
    මේ දේවල්
    හැම තිස්සෙම එළියෙ ඉන්න අනිත් අයට
    පොඩියට පේන්නේ
    ඒ නිසා ,
    කොයි වෙලාවකවත් වෙනින් කෙනෙක්
    මත යැපෙන්න එපා
    තත්වය මොකක් වුණත්
    මුළින්ම ඒක පිළිගන්න
    ඊට පස්සේ ඒකත් එක්ක සටන් කරන්න
    ඒ වගේම
    වඩාත්ම වැදගත් දේ තමයි
    කවදාවත්ම කිසිම දෙයක් අතහැරලා දාන්න
    එපා . . .

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” EVARU.(2019).Sinhala.Subtitle.rar – Downloaded 793 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram