More

    Extraction (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 දි Goosebumps : Haunted Halloween (2018) චිත්‍රපටයට පලවෙනි උපසිරැසිය ලබාදුන්නෙ තවත් උපසිරැසි කරන අදහසකින් නෙවෙයි ඇත්තටම.. පලවෙනි උපසිරසිය දීලා අවුරුද්දක් යනකොටත් අ.පො.ස (සා.පෙ) විභාගය නිසා කරගන්න පුළුවන් වුනේ උපසිරැසි 11ක් විතරයි. ඊට පස්සෙ ලැබුන නිවාඩුවෙත්, හදිසියෙම ආපු කොරෝනා හින්දා ලැබුන නිවාඩුවෙත් ප්‍රතිපලයක් විදිහට තමා අද Extraction (2020) චිත්‍රපටයට ලබාදෙන උපසිරැසියෙන් අර්ධ ශතකය වාර්තා කරන්න පුළුවන් වෙන්නෙ..

    අද ඒ කියන්නෙ අප්‍රේල් 24 තමා Extration චිත්‍රපටය NETFLIX හරහා නිකුත් වුනේ.. හොඳ පිටපතක් ආව ගමන්ම කරන්න ගත්තා ඔයාලට ඉක්මනට සමීප කරන්න ඕන නිසා.. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Chris Hemsworth එහෙමත් නැත්තං හැමෝම දන්න විදිහට තෝර්.. චිත්‍රපටය Extraction කියන්නෙ මේකෙ තියෙන්නෙ මුදවා ගැනිමෙ මෙහෙයුමක් නිසා.. මං මේ ලිපිය ලියන වෙලාවෙ IMDb 7.6ක අගයක් වගේම R.T හි 61%ක අගයක් ලබාගෙන තියනවා. ගූගල් මනාප 92% ක් ලබන්නත් සමත්වෙලා තියනවා..

    කතාව ගැන කියනවනම් ටයිලර් (Chris) මුදලට වැඩ කරන කෙනෙක් මෙයාලගෙ කණ්ඩායමක් තියනවා.. මේ කණ්ඩායමට ලොකු වැඩක් එනව කරන්න කියලා.. ඒ තමා ඉන්දියාවෙ ලොකුම මත්ද්‍රව්‍ය වෙලෙන්දගෙ පුතාව බංගලාදේශයේ ලොකුම මත්ද්‍රව්‍ය වෙලෙන්දා විසි කට්ටිය දම්මලා උස්සනවා.. ඉතිං මේ වැඩේ තමා මෙයාලට ලැබෙන්නෙ.. කතාවෙ හැටියට නම් සිද්ධි ඔක්කොම තියෙන්නෙ බංගලාදේශයේ ඩකා නගරෙ.. ඉතිං අපෙ ටයිලර් ගිහින් ඒ කොල්ලව රඳවාගෙන හිටපු සෙට් එකෙන් බේරගත්තත් ඊට පස්සෙ තමා ලොකුම කේස් ටික මේ දෙන්න උඩට වැටෙන්නෙ.. ඉතිං කොහොමද මේ ගොල්ලො බේරෙන්නෙ? බේරෙන්න පුළුවන් වෙයිද? මේ කොල්ලව අරගෙන කොහොමද ඉන්දියාවට ගෙනියන්නෙ? ටයිලර්ට මොකද වෙන්නෙ කියලා දැනගන්න ඔයාලට චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා..

    ස්තූති කතාව අගට ලියන්න තියාගත්තා… අමතක නොකරම බැරි කෙනා ඉතිං අපෙ ඇඩ්මින් දර්ශන අයියා. එයාට ස්තූති නොකරම බැ, එහෙම නැති නම් සූම් අඩවියක් නැති නිසා. ඒවගේම නවීන් අයියා අන්තිම දවස් ටිකේ ගොඩක් උදව් කරා ඉක්මනටම 50 ගහගන්න.. ඒවගේම මගෙ සගයා මීදුම්වත් අමතක කරන්න බැ මං ඉල්ලපු හැමවෙලාවකම දුන්නු උදව්වලට.. හැමෝම සහෝදරයො තමා සූම් එකේ. කවදාවත් දැකලා නැති වුනත් ඕන දෙයකට උදව්වක් ඉල්ලුවොත් නොදී ඉන්නෙ නැති නොදුටු මිත්‍රයො පිරිසක් ඇති වුනා මේක නිසා.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපෙ ගෙදර කට්ටියවත් මතක් කරන්න ඕන කොච්චර බැන්නත් මේ වැඩේ නවත්තන්න කියලා කිව්වෙ නැති හින්දා… නම් වශයෙන් කියන්න බැරි වුනා නම් ඒ අයගෙනුත් සමාව ඉල්ලන්නත් ඕන..

    එහෙනම් චිත්‍රපටය රසවිඳින්න. මෙතනින් උපසිරැසි ලබාදීම නවත්වන්න අදහසක් නම් නැ.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්! තෙරුවන් සරණයි!!

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Extraction.2020.sinhala.subtitle.rar – Downloaded 3877 times – 18 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram