More

    F2 Fun and Frustration (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් තවත් කට්ටිය මඟබලාගෙන හිටපු තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ… මේක මං හිතන විදියට 2019 වසරේ සබ් එකක් දාන්න කොපියක් නිකුත් උන පලවෙනි චිත්‍ර‍පටිය වෙන්න ඕනි… මේක තිරඟත උනේ මේ අවුරුද්දේ ජනවාරි 12 වැනිදා… ඉන්දියාව පුරාම තිරඟත කිරිම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය ආදායම් වාර්තා තබමින් තිරඟත වුනා. කෝටි 24ක පිරිවැයක් දරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 122ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්න සමත් උනා. මෙහි අධ්‍යක්ෂණය Anil Ravipudi ගෙනි… නිශ්පාදන පිරිවැය Dil Raju ගෙනි.. ප්‍ර‍ධාන චරිත ලෙස Venkatesh,Varun Tej,Tamannaah Bhatia,Mehreen Pirzada හා Prakash Raj රංඟනයෙන් දායක වෙනවා..

    කතාව ගැන කිව්වොත් මේ චිත්‍ර‍පටිය නම් හරි යන්නේ 100%ක් තෙලෙඟු රසිකයන්ටම විතරයි… තෙලෙඟු චිත්‍ර‍පටි ගලා යන විදියක් තියනවා නේ… මේක සම්පුර්ණයෙන්ම ඒ පැත්තටම බර කරලා හදපු චිත්‍ර‍පටියක්… ඉතින් ඔයා ඩයිහාඩ් තෙලෙඟු ෆැන් කෙනෙක් නෙමෙයි නම් මේක ටිකක් විකාරයක් වගේ පෙනේවි සමහර විට… හැබැයි තෙලෙඟු රසිකයෙක් නම් 100%ක්ම විනෝදයෙන් බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් වෙනවා එකේ කතා දෙකක් නැහැ… ඉතින් කතාව ගැන කිව්වොත්.. වින්කි (Venkatesh) හා වරුන් (Varun Tej) යුරෝපයේ ඉද්දි පොලිසියට අහුවෙනවා.. පොලිසියට මේ දෙන්නාගේ හැසිරිම නිසා ලොකු වරදක් කරලා පැනලා යන දෙන්නෙක් විදියට තමයි පෙන්නේ… කොහොම හරි මේ දෙන්නා තමන්ගේ කතාව පොලිසියට කියන්න ගන්නවා… වින්කි හා හරිකා (Tamannaah Bhatia) විවාහ යෝජනා තියන වෙබ් අඩවියකින් හම්බවෙලා කසාද බැදපු දෙන්නෙක්.. වරුන් හා හනී (Mehreen Pirzada) ආදරය කරන පෙම්වතුන් යුවලක් වගේම ලඟදිම කසාද බදින්න සුදානම් වෙලා ඉන්නේ.. නමුත් වින්කි හා වරුන් මේ සම්බන්ධයන් දෙකෙන් පැනලා යන්න පැලැන් එකක් ගහනවා… එහෙම පැනලා තමයි ඔවුන් යුරෝපයට එන්නේ… එහෙම වෙන්න හේතුව මොකක්ද වගේම එතැනින් එහාට මේ කතාව කොහොම වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම සිදුවෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” F2.Fun.and.Frustration.(2019).Sinhala.Subtitle.rar – Downloaded 376 times – 72 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram