spot_img

Flames (2018) පළමු කතාමාලාවේ සියළුම සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Flames (2018) Sinhala subtitle

Flames season 01 sinhala subtitle  flames sinhala subtitle

ආයුබෝවන් වේවා හැමෝටම 2023 අප්‍රේල් වල Writer Padmabhushan චිත්‍රපටයට උපසිරසි කලාට පස්සෙ තමයි මේ ආයෙමත් උපසිරසියක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවේ මෙදා පාර අරගෙන ආවෙ සුපිරිම කතාමාලාවක පලවෙනි සීසන් එක
    අපි හැමෝටම අමතක නොවෙන කාලයක්නේ ඕලෙවල් ඒලෙවල් කාලෙ කියන්නෙ ඒ කාලේ ටියුශන් ක්ලාස් වල නටපු පිස්සු අදටත් මතක ඇතිනෙ ඉතින් රජත්,පාන්ඩු,අනූශා කියන්නෙත් ඒ වගේ ඉන්න සෙට් එකක් ඔය අස්සේ තමයි මෙයාලගේ සෙට් එකට අලුතෙන් ඉශිතව සෙට් වෙන්නෙ ඉශිතව දැකපු පලවෙනි දවසෙම රජත් ගේ කල්ල කුජීත වෙලා කොල්ලා අනාත වෙනවා (ඔව් ඔව් ලවක් තමයි) රජත්ගේ වාසනාවට ඉශිතගේ හොදම යාලුවා වෙන්නෙ අනූශා හැබැයි ඉශිතව  සෙට් කරගන්න එක රජත්ට ලේසි වෙන්නෙ නම් නැහැ ඒකට සම්පූර්න වගකියන්න ඕන පාණ්ඩුවා (මෙහෙම කියන්නෙ ඇයි කියලා කතාව බලද්දි තේරෙයි) මේ කතාවත් හැමදාම බලන ලව් ස්ටෝරි වගේ කියලා හිතලා වරද්ද ගන්න නම් එපා මොකද මේ කතාව ඔයාලට කියන්නෙ මේ ටියුශන් ක්ලාස් එකේ කෙමිස්ට්‍රි උගන්නන කෞශාල් සර් රජත්ගෙයි ඉශිතගෙයි ලව් ස්ටෝරිය කෙමිස්ට්‍රි වලින් අපිට කියලා දෙන්නෙ මෙයා තමයි එහෙම නම් කතාවේ අන්තර්ගතය ගැන ඔයාලට අදහසක් එන්න ඇති

 

    මේකට රංගනයෙන් දායක උන නලු නිලියන් හැමෝම වගේ තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරලා තියෙනවා 8.9 ක විශාල IMDB අගයක් ලැබිලා තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඕන.2018 දී පටන් ගත්තු මේ කතාමාලව මේ වෙද්දි සීසන් 4 ක් සම්පූර්ණ කරලා තියෙනවා (4 වෙනි සීසන් එක ආවෙ 2023 දෙසැම්බර්) සීසන් එකකට කොටස් 5 ගානේ කොටස් 20 ක් තියෙනවා.ඔයාලට  සතියකට එක සීසන් එකක් ගානෙ අරගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.හැබැයි පුතෝ මේකට පිස්සු වැටිලා මාව කන්න හදන්න එපා හොදේ මොකද මේක එක හුස්මට බලාගෙන යන්න පුලුවන් එක තැන පල් නොවෙන කතා මාලාවක්.එහෙමනම් තවත් අටුවා ටිකා අනවශ්‍යයි මුල් සීසන් එක බලල ඇවිල්ලම කමෙන්ට් එකක් දාන්නකෝ අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක නම් පිස්සුවක් බන් කියලා තමයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram