More

    Ghost Stories (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    අද අරගෙන ආවේ  Netflix විසින් නිකුත් කරපු හින්දි චිත්‍රපටියක්.2020 ජනවාරි 01 දා තමයි මේක  Netflix ලා මුදාහරින්නෙ,ඉතින් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති අයටනම් මේක හොද චිත්‍රපටියක් වෙයි,මේක එක චිත්‍රපටියක් උනාට මේක ඇතුලේ කතා හතරක් තියෙන්නේ,
    ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ,ඉන්දියාවේ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකයින් හතර දෙනෙක් විසින්,ඒ තමයි Karan Johar, Dibakar Banerjee, Zoya Akhtar සහ Anurag Kashyap.ඒවගේම මේ චිත්‍රපටියේ Mrunal Thakur, Avinash Tiwary, Janhvi Kapoor, Raghuvir Yadav, Sobhita Dhulipala, Vijay Varma  සහ Pavail Gulati රoගනයෙන් දායක වෙලා තියෙනවා,ඉතින් පැය දෙක හමාරක් තිස්සේ ඇහැ ඉවතට අරගන්න බැරි තරම් කුතුහලයක් එක්ක මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙනවා කියන්න පුලුවන්,
    කතාව ගැන ටිකක් කිව්වොත්….
    01..Zoya Akhtar
    සමීරා (Janhvi Kapoor) කියන්නේ තරුණ ලස්සන හෙදියක්,ඉතින් මෙයාට අලුත් පත්වීමක් ලැබෙනවා වසයක කාන්තාවක් බලාගන්න,ඒ වයසක කාන්තාවට ඇදෙන් නැගිටගන්නවත් බෑ,ඉතින් වයසක කාන්තාව ඉන්න ගෙදරට ගියාට පස්සේ තමයි දැනගන්නෙ,එහේ ඉන්නේ සමීරයි ඒ වයසක කාන්තාවයි විතරයි කියල,ඉතින් මේ වයසක කාන්තාවන් සැරින් සැරේ එයාගේ පුතා ගැන කියනවා,එයා ගෙදර හැoගිලා ඉන්නවලු,හොයාගන්න කියල,ඉතින් එදා රෑ සමීරා නිදාගන්න ගියාම මෙයාට ඇහෙනවා එලියේ කවුරු හරි ඉන්නවා වගේ,ඒ කවුරු වෙන්න පුලුවන්ද?ඇත්තටම  ඒ ගෙදර තවත් කෙනෙක් ඉන්නවද?
    02..Anurag Kashyap
    90 දශකයේ වෙන එක්තරා සිද්ධියක් තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ,ගැබිනි කාන්තාවක් (Sobhita Dhulipala) එයාගේ සහෝදරයගේ පුතාවත් බලාගෙන ගෙදරට වෙලා තනියම තමයි දවල් කාලයේ ඉන්නේ,ඉතින් එයාගේ සැමියත් වැඩට යනව,ආපහු එන්නෙ හවසට,ඉතින් මෙයාගේ සහෝදරයගේ පුතත් එක්ක මේ ගෙදර ඉන්න අතරෙ ගෙදර අමුතු සිද්ධි වෙන්න පටන් ගන්නවා,ඉතින් මේකෙ කතාව ගැන තවත් කියනවට වඩා ඔයාල බලන එකම තමයි හොද….
    03..Dibakar Banerjee
    දුර ඈත පිටිසර තියෙන ගමක පාසලකට එනවා,එ පාසල ගැන පරීක්ෂණයක් කරන්න පුද්ගලයෙක්  (Sukant Goel).මෙයා ගමට එද්දි හොදටම රෑ වෙලා,ඒ උනත් මෙයාල අයිනක ඉන්න පොඩි ලමයෙක් පේනව,ඉතින් මෙයා ලබය ගාවට ගිහින් අහනව එයාට යන්න ඕනි තැන කොහෙද තියෙන්නෙ කියල ලිපිනය කියල,මෙයා මේ වෙලාවේ ෆෝන් එකේ ටෝර්ච් එක ඔන් කරගෙන ඉන්නෙ,ඉතින් ලමය කියනවා ජීවත් වෙලා ඉන්න ඕනිනම් ටෝර්ච් එක ඕෆ් කරන්න කියල,ඇයි ඒ ලමය එහෙම කිව්වේ,ඇත්තටම ඒ ගමේ මොකක්ද වෙන්නෙ??ඒ ගමේ හිටිය මිනිස්සුන් අතුරුදහන් වෙලා තියෙන්නේ කොහොමද?
    04..Karan Johar
    ඊරා ((Mrunal Thakur) කියන්නෙ ලස්සන තරුන ගෑණු ලමයෙක්,ඉතින් මෙයා එයාට ෆේස්බුක් එකෙන් හම්බවෙච්ච දෘ ((Avinash Tiwary) කියල කොල්ලෙක් එක්ක ආදරෙන් බැදෙනව,ඉතින් ඊට ටික කාලෙකට පස්සේ මෙයාල කසාද බදිනවා,එහෙම බැදල ඊරා දෘ ගේ ගෙදර යනවා,එහෙම ගියාට පස්සේ පලවෙනි දවසෙම ඊරාට වෙන්නේ හිතුවෙවත් නැති දෙයක්,මෙයාලගේ මoගල රාත්‍රියේදී එක පාරටම කාමරේ දොර ඇරෙනව,එතකොට දෘ ඊරට කියනවා මෙන්න මගේ ආච්චි ඇවිල්ල එයාට සුබ රාත්‍රියක් කියන්න කියල,ඇත්තටම එතන ඊරට කවුරුවත් පේන්නෙත් නෑ,එතන කවුරුවත් ඇත්තෙත් නෑ,ඉතින් ඊරාට දැන් මොකක් වෙයිද?
    එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු ….
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram