spot_img
spot_img

Girl in the Basement (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Girl in the Basement (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. මේ සිදුවීම ඕස්ට්‍රියාවේ එලිසබෙත් ෆ්‍රිට්ස්ල් නැමැති ගැහැණු දරුවෙකුට වුණු සිදුවීමක්. ඒ සිදුවීම පදනම් කරගත්තත්, මේ චිත්‍රපටිය ඒ ඇත්ත සිදුවීම තරම්ම භයානක කරලා නෑ. තත්වය තරමක් සරල කරලා, නිර්මාණය කරලා තියෙන්නේ, ඇමරිකාවේ අයව දැනුවත් කරන්න, ළමා අපචාර සම්බන්ධයෙන් වන ආයතනය ගැන. ඒ නිසා එක අතකින්, මේක අධ්‍යාපනික, වාර්ථාමය ගනයටත් දාන්න පුළුවන්.

මේ චිත්‍රපටිය ඇත්ත සිදුවීම් ඇසුරෙන් ලියලා තියෙන්නේ Barbara Marshall විසින්. ඇයගේ තිර රචනය Elisabeth Röhm විසින් අධ්‍යක්ෂණය කරලා චිත්‍රපටියට නගලා තියෙනවා. චිත්‍රපටියේ ප්‍රධාන නිලියගේ රඟපෑම ඉතාම ඉහලයි. ඇයගේ රඟපෑම නිසා, මේක කුතුහලයකින් බලන්න පුළුවන්. මේ චිත්‍රපටියේ රඟපාන අය‍ වෙන්නේ Stefanie Scott (සාරා), Judd Nelson (ඩොන්), Joely Fisher (රීනී), Emily Topper (ඒමී), Emma Myers (මරී) ඇතුළු පිරිසක්.

කතාව ගැන කියනකොට, ප්‍රධාන චරිතය (සාරා) බලාගෙන ඉන්නේ තමන්ට අවුරුදු 18 පිරෙනකල්. ඒ ඇයගේ පියාගේ (ඩොන්) දරදඬු නිවාස පාලනයෙන් ගැලවිලා, සමාජයට යන්න. ඇගේ අක්කා (ඒමී) මේ වෙනකොට උසස් අධ්‍යාපනය කරන්න ගෙදරින් පිටවෙලා ඉන්නේ. ඒ නිසා, සාරාට තාත්තාගෙන් තිබුණු බලපෑමත්, ආතතියත් ඉතා වැඩියි. ඒ අතරේ සාරාගේ පෙම්වතා ගැන ඩොන්ට දැනගන්න ලැබෙනවා. ඔහු මේ ගැන තරයේම විරුද්ධ වෙනවා. සාරාට අවුරුදු දහ අට සම්පූර්ණ වීමට කලින්, ඩොන් පොඩි ප්‍රයෝගයක් මගින් සාරාව භූගත බංකරයක සිර කරනවා. දැන්, සාරාගේ අනාගතය මොන වගේද? ඩොන් කොහොමද සාරාව සිරකර තබාගන්නේ? කොච්චර කාලයක්ද? මේ ගැන දැනගන්න, සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Girl in the Basement (2021) සිංහල උපසිරැසි” Girl.in.the.Basement.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1630 times – 583 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram