More

    Good Newwz (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කසාදයකින් පස්සෙ ළමයෙක් හැදෙනවා කියන එකයි හදනවා කියන එකයි දෙකක්. සමහර අවස්ථාවන් වලදී දෛවයේ සරදමක් විදිහට ඕක හරිම අසාධාරණ විදිහට සිද්ධ වෙනවා. ආදරණීයව ගොඩ නගා ගත්ත පවුල සම්පූර්ණ කරවන්නට දරු පැටියෙකුගේ ආගමනයක් බලාපොරොත්තුවෙන් සෑහෙන කාලයක් තිස්සේ දුකසේ පෙරුම් පුරනා අඹුසැමියන් අතරෙම, කොච්චර පරිස්සම් උනත් නිතරම ගැබ් ගැනීම නිසාම එය වළක්වාලන්නට ක්‍රම සම්පාදනය කරන්නට වෙහෙසන පිරිස් පවා ඉන්නවා. එහෙමත් නැතිනම් අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා කළල ගබ්සා කරන සහ අලුත උපන් බිළිඳු දරුවාව කුණු කූඩයට විසි කර දමනා අයවලුන් ගැනත් ඕනෑ තරම් අසන්නට ලැබෙනවා. දරුවෙක් හැදෙනවා කියන එකයි හදනවා කියන එකයි දෙකක් වෙන්නෙ ඒ නිසා. සාමාන්‍යයෙන් කළලයක් කුස පිළිසිඳ ගත්තාට පසුව, නියමිත මාස ගණන සම්පූර්ණ වනතුරුම මවත් දරුවාත් සෙනෙහසින් සහ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පෝෂණය කරන අතරම, නීරෝගී දරු උපතක් වෙනුවෙන් සැලසිය හැකි උපරිම පහසුකම් වෙනුවෙන් දෙමාපියන් මහන්සි ගන්නවා. නමුත් නොයෙකුත් සෞඛ්‍ය හේතූන් නිසාවෙන්ම කළලයක් පිළිසිඳ ගන්වන්නට නොහැකිව, වසර ගණනාවක් තිස්සේම මානසිකව වැහැරෙන දෙමාපියන්ගේ උපරිම උත්සාහය ඊටත් වඩා මහත් වූ එකක් වනවා. ලෝක ප්‍රකට පුවතක් බවට පත් වූ Kim Kardashian සහ Kanye West යුවළගේ දෙවන දරුවා ඉපැදවීම උදෙසාම, වෛද්‍ය උපදෙස් මත දිනකට 15 වතාවක් දෙදෙනාට එක් වන්නට සිදුවීමත් එක්ක දරුවෙක් හැදෙනවා කියන එකයි හදනවා කියන එකයි දෙකක් වෙන බවට තවත් සාධක උවමනා නැහැ.

    “දැන් බැඳල සෑහෙන කල් නේද? තාම දරුවෙක් නැද්ද?” කියල අහන අය සමහරක් ඒ අහන්නෙ හිතවත්කමට වෙන්න පුලුවන්, සරදම් ස්වරූපයකින් වෙන්න පුලුවන්, අවංකවම කණගාටුවකින් වෙන්නත් පුලුවන්. ඒත් ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනාට ඕක කොහොම ඇහුවත් එකයි. ඉතින් නිසි කලට දරුවෙක් හැදෙන්නේ නැතිනම්, දරුවෙක් හදන්නට ඉටුකළ යුතු ක්‍රියා පිළිවෙත් රැසක් එක්ක, බලාපොරොත්තුවම පමණක් දෝත දරාගෙන ළතැවෙනා අඹුසැමියන් ගේ යථාර්ථවාදී කතන්දරයකට අපූරු කොමඩි ආකෘතියක් සැපයීම මෙහි දකින්නට ලැබෙන සුවිශේෂීම කාරණය වනවා. මොකද මේ ඉතාමත්ම සංවේදී කාරණාවක් නිසාම මේ සංසිද්ධිය පෞද්ගලිකවම බලපානා උදවියට මෙය ඉතාම අපහසුකාරී සිනමා අත්දැකීමක් වන නිසා. කෙසේ නමුත් කොමඩියත් එක්කම දරුවෙක් හදන්නට ගන්නා මහන්සිය සම්බන්ධයෙන් පූර්ණ සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දෙන අතරෙම, විවාහයකින් පසුව දරුවෙක් නොලැබීමේ හේතුව නිසාවෙන්ම මතුවෙන වේදනාකාරී වාතාවරණයට වඩා දෙයක් සම්බන්ධයෙන් හෘදයාංගම අවධානයක් වෙනත් අංශයක් වෙත යොමු කෙරෙනවා. කොමඩිය අස්සෙ අන්තිමට අඬන්නත් සිද්ධ කරවලා. ඒ වගේම Batra පරිවාරයන් දෙකම මෙතෙක් කලක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවෙන් සිටි “ගුඩ් නිව්ස්” එක අන්තිමේදි කන්ෆියුසින් නිව්ස් එකක් බවට පත්වීම තුළ ගැබ් වෙන්නෙත් හාස්‍යයක්. නමුත් හාස්‍යය ඇතුළෙන් කෙමෙන් කෙමෙන් මෝරා වැඩෙන්නේ ඉතාමත්ම හැඟීම්බර කාරණයක්. මේ කතන්දරය අවසානයේදී ඒ හැඟීම්බර බව ඇස් වලට කඳුළු උනනා සීමාවකටම රැගෙන යනවා. දරුවෙක් හැදෙනවාට වඩා දරුවෙක් හදන්නට උත්සහා ගන්නා අඹුසැමියන් අවසනදී මව්පිය පදවිය දරනා විට, ඊටත් වඩා උතුම් යමක් තවත් මෙලොව නොමැති බව දනවන්නේ උඩුයටිකුරු වූ පෙරළියකින්.

    විශේෂයෙන්ම Cast එක තුළින් මේ ජංජාලයට උපරිම දායකත්වයක් ලැබී තිබෙනව බව පැහැදිලිවම දකින්නට ලැබෙන කාරණාවක්. සාමාන්‍යයෙන් මෙවන් කතා රටාවක් වඩාත්ම හොඳින් හැඳින්වීමට “අයුශ්මාන් කුරානා වර්ගයේ චිත්‍රපටයක්” යන විශේෂණය යොදන්නට පුළුවන්. නමුත් අයුශ්මාන් ට වඩාත් ගැලපෙන චරිත විස්තරයක් වෙනුවෙන් Diljit Dosanjh ගෙන් අපූරු ඉදිරිපත් කිරීමක් දකින්නට ලැබෙනවා. ඊට මනා සහයක් Kiara Advani ගෙන් ලැබෙන අතරේ අනෙක් පාර්ශවය වෙනුවෙන් Akshey Kumar – Kareena Kapoor සුපුරුදු සුසංයෝගය උපරිමව ක්‍රියාත්මක වනවා. Raj Mehta ගේ කුළුඳුල් නිර්මාණය අති සාර්ථකයි කියලා සැක නැතිවම කියන්න පුළුවන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Good.Newwz.2019.Sinhala.subtitle.rar – Downloaded 2250 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram