spot_img

Happy Death Day (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් කට්ටිය. මාස ගාණකට පස්සේ ආවා ෆිල්ම් එකක් අරගෙන. අරගෙන ආවෙත් ratings වල උඩම තියෙන චිත්‍ර‍පටයක්. පසුගිය වසරේ ඔක්තෝබර් 13 වැනිදා තිරගතවීම ඇමරිකාවෙන් ඇරඹුනු මේ චිත්‍ර‍පටයට බජට් එක ඇ.ඩො.මි. 4.8ක් වියදම් කරලා ඩො.මි.115.2ක බොක්ස් ඔෆීස් ආදායමක් තබන්නත් පුලුවන්වෙලා තියෙනවා. ඒකට හේතුව චිත්‍ර‍පටයේ කතාව ප්‍රේක්ෂකයාව අලුත්ම තැනකට ගෙනියලා තියෙන එක.

තෙරේසා, එහෙම නැත්නම් ට්‍රී එක දවසක් උදේ ඇහැරෙනවා. ඇගේ උපන්දිනය දවසේ. සැප්තැම්බර් 18 සඳුදා. ඇහැරෙන්නේ කාටර් කියන යාලුවාගේ කාමරේ ඇතුලෙදි. ඈ කලින් දවසේ රෑ බීලා හොඳටම වෙරි වෙලා කාටර් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ එයාගේ කාමරේට. ට්‍රීගේ දවස ගත කරන්නේ මෙහෙමයි එදා. කාටර්ගේ කාමරෙන් යනවා. සුපුදරුදු පරිදි අනිත් ළමයින්ව ගණන් ගන්නේ නෑ යනවා. ඊට පස්සේ තාත්තගේ කෝල් වලට උත්තර දෙන්නේ නෑ. ට්‍රීගේ කාමරේට ගියාම ලෝරි කප්කේක් එකක් දෙනවා, ඊට පස්සේ රෑ පාටියකට යන අතරමගදි මූණක් දාපු කෙනෙක් ඇයව මරනවා. මැරුවට පස්සේ ට්‍රී නැවත ඊළඟ දවසේ උපදිනවා කාටර්ගේ කාමරේදි. ට්‍රීට ලාවට අමුත්තක් දැනෙනවා. හීනයක් වෙන්න බෑ කියලා. ඇය හිතනවා දේ ජා වූ එකක් කියලා සිද්දවෙන්නේ( ෆයිනල් ඩෙස්ටිනේෂන් බැලුව නම් දන්නවානේ). නමුත් ඇයව ඝාතනය වෙනවා දෙවැනි දවසෙදිත් රෑ. තුන් වෙනි දවසෙ ඇහැරෙද්දි ඇය හොඳටම බයවෙනවා. මොකද තේරුම් ගන්නවා එකම දවස නැවත නැවතත් එනවා කියලා. හැමදාම රෑ මනුස්සයෙක් ඇවිත් ඇයව මරනවා. හිතාගනන් බෑ මේ චක්‍ර‍ය ගැන. මොකද කිසිම කෙනෙක්ට සිද්දවෙන දේවල් මතක නෑ. ට්‍රීට විතරයි මතක.

මොකක් වේවිද කතාවේ? අවසානයක් බලන්න පුලුවන්. කතාවේ අවසානය හිතාගනන් නම් බැරිවේවි. බලලා අදහසක් දාලා යන්න. එහෙනම් ඊළඟ චිත්‍ර‍පටයෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram