spot_img

Heroic losers (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍රපටිය ‘Eduardo Sacheri’ ලියපු “The Night of the Heroic Losers” නවකතාව පාදක කරගනිමින් බිහිවූවකි. තිර රචනය ලියන්නටද ඔහු දායක වෙනවා. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු ‘Ricardo Darin’. IMDb7.3 ක අගයක් තියෙන මේ ‍ෆිලුම “Best Iberoamerican Film” සඳහා ‘Gooya’සම්මානය දිනා ඇත.

කතාව ගැන කෙටියෙන් කියනවනන්, අවු:10ට විතර කලිං අතෑරල දාපු ගොවි සමූපකාරයක් ආරම්භ කරන්න එන ෆෙර්මින් සහ එයාගෙ යාළුව ෆොන්තානා එකතු වී කොටස් කරුවන් සොයා යනවා. මෙයාලට කොහොමහරි අමුතුම ආකාරයේ කොටස් කරුවන් ටිකකුත් සෙට් වෙනවා. ඔන්න සල්ලිත් හොයාගෙන බැංකුවේ සුරක්ෂිතාගාරයකත් තැම්පත් කරනවා.

ටික දවසකින් බැංකු මැනේජර් ෆෙර්මින්ට අඬගහල කියනව සුරක්ෂිතාගාරයේ තියෙන සල්ලි එයාගෙම ගිණුමකට දාන්න කියල නැත්තන් එයාගෙ ලෝන් එක මහ බැංකුවෙන් පාස් වෙන එකක් නෑ කියල. අඩුම ගානෙ ෆෙර්මින්ට අනිත් අයත් එක්ක කතා කරන්නවත් ඉඩක් තියන්නෑ වැඩේ පැය 1/2ක් ඇතුළත කෙරෙන්න ඕනි කියල කොහොමහරි ෆෙර්මින්ගෙ ගිණුමකට සල්ලි ටික දාගන්නවා.

පහුවදාම මූල්‍ය අර්බුධයක් ඇතිවුණාමයි දැනගන්නෙ බැංකු මැනේජරුයි තවත් පුද්ගලයෙකුයි ඔහුව ‍රැවැට්‍ටුවා කියල. ඉතිං ෆෙර්මින් එයාගෙ නෝනත් එක්ක එනව බැංකු මැනේජර් හම්බෙන්න, නමුත් ඵලක් වෙන්නෑ, ආපහු යන අතර රිය අනතුරකින් ඔහුගේ බිරිඳ මිය යනවා.

ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආරංචි වෙනව මෙයාලගෙ සල්ලි ගත්ත එකා ඈත ග්‍රාමීය ප්‍රදේශයක වළක් කපල ඒකෙ සේප්පුවක සල්ලි ටික හංගන් ඉන්නව කියල. ඔන්න එවලෙ ඉඳන් තමයි ප්ලෑන ගහන්නෙ සල්ලි ටික ආපහු ගන්න. සැරින් සැරේ නොයෙකුත් බාධක එනව වැඩේ අතෑරල දාන තරමටම. ඉතිං වැඩේ අතෑරල දායිද, නැත්තන් දිගටම සැලැස්ම ක්‍රියාත්මක කරල තමුන්ගෙ සල්ලි ටික ආපහු ගනියිද කියල බලමු අපි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  Bluray පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සමීර කරුණාසේන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram