More

    HOME (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Amazon Prime Video හරහා 2021 අගෝස්තු 19 විකාශ්නය වීම ආරම්භ වූ Home චිත්‍රපටිය පුරා විනාඩි 161ක් දක්වා දිවෙයි. Rojin Thomas විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරන ලද මේ සලරුව නිෂ්පාදනය කර ඇත්තේ Vijay Babu විසිනි. සම්මානනීය ප්‍රවීන මලයාලම් නළු Indran සහ දක්ෂ තරුණ මලයාලම් නළුවෙක් වන Sreenath Bhasi මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් දක්ෂ ජනප්‍රිය නළු නිළියන් රාශියක් තම රංගනයෙන් දායක වෙති.

    තිරගත වී දිනක් යන්නටත් මත්තෙන් ලොව පුරා මලයාම් ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් පැසසුමට ලක්වන්නට හැකිවූ හෝම් චිත්‍රපටියට imdb දර්ශකයේ 9.1 වැනි ඉතා ඉහල ප්‍රථිචාරයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.  හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට අනුව මේ සලරුව හදවතට දැණුන සලරුවක් ලෙස අර්ථදක්වා ඇති අතර The Times of India හි අගය 3.5/5 ක් ලෙස දැක්වෙනවා.බොහෝ විචාරකයින්ගේ  ඉමහත් පැසසුමට ලක්වුණ මේ චිත්‍රපටිය මලයාලම් සිනමාවේ තවක් එක් සංධිස්ථානයක් වනු ඇති බවට මත පලවී තිබෙනවා.

    ඔලිවර් ට්විස්ට් කියන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ අහිංසක මනුස්සයෙක්. තම නිවසේ තම පියාත්, බිරිඳත්,
    බාල පුතාත් සමඟ ජීවත් වන ඔහු ස්මාර්ට් ජංගම දුරකථනයක් පාවිච්චි කිරීමට හීන දකින පුද්ගලයෙක්. නමුත් කාලාණුරූපීව වෙනස්වීමට අපොහොසත් වූ ඔහු ස්මාර්ට් වූ ලෝකය තුළ ස්මාර්ට් ලෙස ජීවත් වීමට තරඟ කරනවා.

    අනිත් අතින් ඔලිවර්ගේ වැඩිමහල් පුතා ඇන්තනී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ තිරපිටපත් රචකයෙක්. අති සාර්ථක කුළුඳුල් චිත්‍රපටියට පසු තම  දෙවන චිත්‍රපටියේ තිර රචනය සිදුකරමින් ඉන්නා ඔහුට එය සම්පූර්ණ කිරීමට නොහැකිවී තිබෙනවා.  නිවසෙන් ඈත්ව ජීවත් වන ඇන්තනී  ජංගම දුරකථනයට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. සාර්ථකත්වට පත්වූ ඔහුගේ පළමු චිත්‍රපටියේ තිර පිටපත් ඔහු ලියන්නේ තම නිවසේ සිටයි. පෙරලා නිවසට පැමිණෙන ඇන්තනී තිරපිටපතත් සමඟ කාර්ය බහුල වන අතර දෙමව්පිය සම්බන්දතා, ආදරය, පවුල යන සංකල්ප ඔහුගෙන් ගිලිහී යයි.

    ****ඔලිවර් ට්විස්ට් ජංගම දුරකථනයක් මිලදී ගනීද?
    ****ඇන්තනී තිරපිටපත ලියා අවසන් කරයිද?

    ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

    #HOME කියලා කිව්වහම හැමෝටම මතක් වෙන්නේ තමන්ගේ ගෙදර. කොයිතරම් සැප සම්පත් තිබුණත් තමන්ගේ ගෙදර තරම් වටිනා  තැනක් තවත් මේ ලෝකේ නැහැ.  එලෙසම දෙමව්පියන්ගේ උගත්කම, තරාතිරම නොව ඔවුන්ගේ අත්දකීම දරුවන්ගේ ජීවිත වලට වැදගත් වන ආකාරයත්, ජංගම දුරකථනය නිසා  මානව සම්බන්ධතා දුරස් කරන ආකාරයත් මැනවින් නිරූපණය කිරීමට මේ චිත්‍රපටියට හැකිවී තිබෙනවා. ඉතින් පුරා පැය දෙකක් තුල හාස්‍ය, ආදරය, දුක, සතුට යන මේ සියලු දේ අන්තර්ගත මේ #HOME චිත්‍රපටිය නරඹන ලෙස ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසියක්  කිරීමට අවස්ථාව ලබාදුන් zoom.lk ඇඩ්මින් මඩුල්ලට ස්තූතියි කියන ගමන් නැවතත් අළුත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Home (2021) සිංහල උපසිරැසි” Home.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3950 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    මේනක හේරත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. tanks sinhala sube ekata fuluvannam me film valatath sinhala sube dannako godakkal edan download karala tiyan enne sube nathuva
      (NARAPPA (2021) Telugu)
      (Seetharama Kalyana (2019)Kannada)
      (Vittal Wadi (2021) Telugu)
      (JAI SENA (2021) Telugu)
      (Ramarjuna (2021) Kannada)
      (Assassin.33.A.D.2020)

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram