spot_img

Honest Thief (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ පාර ගෙනාවේ Action, Crime, Drama කැටගරි එකෙ චිත්‍රපටියක්, 99 min පුරා දිවෙන මේ කතාවට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න නලුවෙක්, ඒ තමයි Liam Neeson එහෙම කීවට දන්නෙ නෑනේ Taken 1,2,3 නැත්තම් Cold Pursuit, Non-Stop ෆිල්ම් බලල තියෙනව නම් ඒවගෙ ප්‍රධාන චරිතෙ රගපාන්නෙ මෙයා නොවැ, තව Kate Walsh, Jai Courtney, Jeffrey Donovan, Anthony Ramos යන අය රංගනයෙන් දායක වෙනවා

IMDB එකෙන් මේකට 6/10 ලැබිල තියෙනවා, හරි එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ 🙂🙂🙂

මේක නම තමයි Honest Thief ඒ කියන්නේ අවංක හොරා, (හොරාට රගපාන්නේ Liam Neeson) හැබැයි මෙයා අවංක වෙන්න ඇයි කියල ඔයාලම දැනගන්න, දශකයකට ආසන්න කාලයක ඉදන් මෙයා බැංකු මංකොල්ල කනවා, කිසිම හෝඩුවාවක් ඉතුරු කරන්නේ නෑ, ඒ නිසා පොලීසියටත් මෙයාව අල්ලගන්න බෑ, ඒ නිසාම මිනිස්සු මෙයාට කියන්නෙ (ඉන් ඇන්ඩ් අවුට් මංකොල්ලකාරයා) කියල, මොකද මෙයා ආපු ගියපු විදිහවත් කාටවත් හොයාගන්න බැරි නිසා

ඉතිං FBI එකට මෙයා කෝල් එකක් දීල කියනවා, මම භාර වෙන්න කැමතියි, ඒ වගේම හොරකම් කරපු සල්ලිත් සේරම ආපහු දෙන්නම් හැබැයි මගේ ඉල්ලීම් වලට ඔයාල කැමති වෙන්න ඕනෙ කියල, ඉතිං මේ මුදල ඩොලර් මිලියන නමයක්, FBI එක පිස්සෙක් කියල වැඩිය මේ ගැන අවධානය යොමු කරන්නෙ නෑ, ඒත් ඒජන්ට් වරු දෙන්නෙක් යවනව මේ ගැන හොයල බලන්න, ඊට පස්සෙ තමා සේරම කනපිට හැරෙන්නේ, ඒජන්ට් වරු දෙන්නා තවත් ඒජන්ට් කෙනෙකුත් මරල ඩොලර් මිලියන තුනකුත් අරගෙන, සේරම වැරදි හොරාගෙ පිටටම දාලා ආපහු FBI එකට යනවා, ඉතිං හොරාට සිද්ධ වෙනවා තමන්ගේ නිර්දෝශී භාවය වෙනුවෙන් FBI එකෙ ඒජන්ට් වරුත් එක්ක ෆයිට් කරන්න.

මේක කෙටි සාරංශයක්,
ගොඩක් දේවල් තියෙනව බලන්න, හොරා කියන්නෙ ටොම්ට, එහෙනම් ටොම් කොහොමද තමන්ගෙ නිර්දෝශී භාවය ඔප්පු කරන්නෙ කියල ඔයාල බලන්න, 😍අවංක ආදරයකට පුලුවන් ඕනෙ දෙයක් කරන්න😍

එහෙනම් අපි ගියා, බුදු සරණයි, දෙවි පිහිටයි, හැමෝටම සුභ නත්තලක් මාසයක් වේවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

 

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram