
Housefull 5B (2025) Sinhala Subtitle
Housefull 5 (2025) Sinhala Subtitle
මං කලින් කිව්වානේ හවුස් ෆුල් චිත්‍රපටියේ කතා දෙකක් නිකුත් උනා කියලා… කලින් චිත්‍රපටියට වඩා වෙනස් අවසානයන් තමයි මේකේ තියෙන්නේ…. ඒ කියන්නේ චිත්‍රපටි දෙකේ ඉන්නේ දුෂ්ඨයෝ දෙන්නෙක්. ඉතින් මේ තමයි 5B චිත්‍රපටිය. ඇත්තම කිව්වොත් මේකේ අවසානය නම් පළවෙනි එකට වඩා හොදයි කියලා මට හිතුනා ඉතින්… ඔයා කලින් 5A අරන් බලලා තිබ්බා නම් ඔන්න ආපහු 5B එකත් වෙනසකටත් එක්ක බලමු…
මේ පාර චිත්‍රපටියේ ලොකු ස්ටාර් කාස්ට් එකක් ඉන්නවා. අක්ෂේ කුමාර්,අභිෂෙක් බච්චන්,රිතේෂ් දෙෂ්මුක්,සංජේ දත්,ජැකි ෂොරෆ්,ඩිනෝ මොරා,නානා පටේකර්,ශ්‍රියා තල්පඩේ, සෝනම් බාව්ජා,ජැකලින් ෆර්නැන්ඩස්,චංකි පාණ්ඩේ,ජොනීලවර්,චිත්‍රන්ගදා සිං වගේ සැහෙන කාස්ට් එකක් මේ පාර වැඩේට බැහැලා ඉන්නවා. ඒ වගේම ආරාධිත රංඟනයකින් කලින් හවුස් ෆුල් චිත්‍රපටිවල හිටපු නළුවෙකුත් දායක වෙනවා.
මේ පාර කතාව කිව්වොත් පවුම් බිලියන 69ක් තියන විශාල ධනපතියෙක් තමයි රංජිත් කියන්නේ. මොහුගේ 100 වැනි උපන්දිනේ දවසේම මොහු මිය යනවා. මොහු මිය යන්නේ තමන්ගේ පළවෙනි කසාදේ පුතා වල ජොලීට මේ දේපල සියල්ලම ලියලා. හැබැයි මේ ජොලීව කවුරුත් දන්නේ නැහැ. කොහොම හරි නැවේ පාටියට මේ ජොලී එනවා කියලා තියනවා. හැබැයි ජොලී කෙනෙක් වෙනුවට ජොලීලා තුන්දෙනෙක්ම එනවා. ඒ විතරක් නෙමෙයි මේ ජොලීලා ආවාට පස්සේ නැවේ මිනිමැරුම් දාමයකුත් වෙනවා. ඇත්තටම මේ තුන්දෙනාගෙන් ඇත්ත ජොලී කවුද? එතකොට මේ මිනිමැරුම් කරන්නේ කවුද? එහෙනම් බලන්න හවුස් ෆුල් 5B චිත්‍රපටිය!
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
- විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝️🥪
MI Fan 📱MI 9T PRO user