spot_img
spot_img
More

    How To Train Your Dragon The Hidden World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    යාළුවනේ මගේ නම සඳරුවන් රාජපක්ෂ.මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මුලින්ම මේ කතාව මට දුන්න zoom ඇඩ්මින්ට වගේම මට උදව් කරපු zoom Community එකටත් මම ස්තූති කරන්න ඕනේ. මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමට මේ වගේ හුඟක් ජනප්‍රිය වෙච්ච කතාමාලාවක අන්තිම කතාව දෙන්න තරම් කාරුණික වෙච්ච එක ගැන මම zoom එකට හුඟක් ස්තූතිවන්ත වෙනවා. දැන් අපි කතාව පැත්තට හැරෙමු.

    පලවන සහ දෙවැනි කතාමාලාව බලපු අය දන්නවා ඇති මේ චිත්‍රපට කොතරම් සාර්ථක වුණාද කියල. මේ චිත්‍රපට දෙකම හොඳම චිත්‍රපට 250 අතුරින් ඉහළ ස්ථානයකට එන්න හැකි වුණා වගේම මේ චිත්‍රපට පාදක කරගෙන හුඟක් කෙටි චිත්‍රපට බිහිවුණා.ඒවා ඔයාල හුඟක් වෙලාවට අපේ zoom.lk එකෙන් උපසිරැසි අරගෙන බලලත් ඇති.ඒ වගේම මේ චිත්‍රපට දෙකටම ඉහළ IMDB අගයන් හිමි වුණා.

    පළවෙනි හා දෙවෙනි චිත්‍රපටි ගැන කෙටියෙන් කිව්වොත් පළවෙනි චිත්‍රපටියෙදි හිකප්ට ටූත්ලස්ව හම්බවෙනවා. ඒ හමුවීම නිසා හිකප්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම අන්තිමටම වයිකින්වරු මකරුත් එක්ක සමාදාන වෙන එක තමයි පළවෙනි චිත්‍රපටිය සිද්ධවෙන්නේ. ඒත් දෙවැනි චිත්‍රපටයේදී මකරුන්ව අල්ලගන්න දඩයක්කාරයෙක් එනවා. එතෙන්දි ඒ දඩයක්කාරයා alpha කියන සත්වයා ගේ මාර්ගයෙන් ටූත්ලස්ව පාලනය කරගෙන හිකප්ගේ තාත්තාව මරා දමනවා. ඒ නිසා හිකප් ටූත්ලස් එක්ක තරහ උනත් පස්සෙ ඒ දෙන්න සමාදාන වෙලා දඩයක්කාරයාව පරද්දනවා.

    ඉතින් අපේ මේ පලවන සහ දෙවන කතාමාලා දෙකම කරපු අධ්‍යක්ෂවරයා මේ තුන්වෙනි කතා මාලාවටත් සහභාගි වෙනවා. ඒ තමයි Dean DeBlois.Rotten tomatoes අගය 91% වගේම IMDB අගය 7.9 වගේ ඉහල අගයකුත් මේ චිත්‍රපටය හිමිකරගන්නවා. මේක මිලියන 467.3 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්නටත් සමත් කම් දක්වනවා.
    අපි දැන් හුඟක් වෙලා පලවන සහ දෙවන චිත්‍රපට ගැන වගේම මේ චිත්‍රපටයට ලැබූ ආදායම හා චිත්‍රපටය ලැබුණු ප්‍රතිචාර ගැනත් කතා කළා. ඒත් අපි මේ චිත්‍රපටිය මොකද වෙන්නේ කියල දන්නෙ නෑනේ දැන් අපි ඒගැන කතා කරමු

    මං කලින් කිව්වා වගේම දෙවන කථාමාලාවේදී හිකප් හා ටූත්ලස් එකතු වෙලා අර දඩයක්කාරයාව පරද්දනවා. ඊට පස්සේ සිද්ධවෙන සිදුවීම් වලින් තමයි මේ තුන්වෙනි කතාමාලාව සමන්විත වෙන්නේ. තාත්තා මැරුණට පස්සේ හිකප් ජීවත් වෙන්නේ එයාගේ අම්මත් එක්ක. එයා දැන් ටිකක් නිදහස් ජීවිතයක් ගෙවන්නේ. මේ අතරේ ඇස්ට්‍රිඩ්ගෙයි හිකප්ගෙයි ආදර කතාවත් හිමිහිට ඇදිලා යනවා. මෙයාල ලෝකෙ වටේ ඉන්න මකරු හුඟක් බේරගන්නව. ඒත් හුඟක් කට්ටිය මෙයාල මකරු බේරගන්න එකට මෙයාලත් එක්ක තරහින් ඉන්නේ. ඒ අතරේ මෙයාලට එක්තරා පුද්ගලයෙක් හම්බවෙනවා. මෙයා අනිත් අයගෙන් වෙනස්. මෙයා හුඟක් කපටියි වගේම හුඟක් කුරිරුයි. මෙයාගෙන් ටූත්ලස්ට හුඟක් කරදර සිද්ධ වෙනවා. ඒ හින්දා හිකප් තීරණයක් ගන්නවා. ඒක මොකක් වෙයිද? ටූත්ලස්ට මොකද වෙන්නේ? මේ සේරම අස්සේ ටූත්ලස්ට හම්බවෙන පෙම්වතිය කොයි වගේද? පළවන හා දෙවන කතාමාලා දෙකේම දිව්ව අපේ ඇස්ට්‍රිඩ්ගෙයි හිකප්ගෙයි ආදර අන්දරයට මොකක් වෙයිද? මේ කතාව අපේ පළවන හා දෙවන චිත්‍රපට දෙකේම කතා මාලාවන්ට වඩා හුඟක් වෙනස් ඔයාලා මේක අවසානය වෙනකම්ම බැලුවොත් ඔයාලට ඒක හොඳටම තේරෙයි.ඒ නිසා කතාව අනිවාර්යයෙන්ම බලන්න. Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” How.To.Train.Your.Dragon.The.Hidden.World.(2019).Sinhala.Subtitle.rar – Downloaded 4781 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram