spot_img
spot_img

IF (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

IF (2024) Sinhala Subtitle

 

ටික කාලෙකට පස්සේ, ළමා චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම ළමා කිව්වාට එහෙම එකක්ම නෙමෙයි. අපි හැමෝටම ආසාවෙන් රස විඳින්න පුළුවන් චිත්‍රපටියක්. අපි හැමෝටම පොඩි කාලේ හිතින් මවාගත්ත යාළුවෙක් හිටියා නේද? අපි එයා එක්ක තනියම කතා කරන්න ඇති, සෙල්ලම් කරන්න ඇති, දුවන්න පනින්න ඇති. හැබැයි, දැන් අපිට එයාව මතක නෑ නේද? අපිට දැන් එයාලාව පේන්නේ නෑ නේද? ඒකට හේතුව දැන් අපි වැඩිහිටියෝ වෙලා. අපිට කතා කරන්න, ගණුදෙනු කරන්න කට්ටිය ඉන්නවා ඇති තරම්. හැබැයි, මේ හිතින් මවාගත්ත, මායා යාළුවන්ට ඇත්තටම මොකක්ද වෙන්න ඇත්තේ?

මේ චිත්‍රපටියේ ප්‍රධාන ගැහැණු ළමයා, බී, ලොකු කරදර ගොඩකට මුහුණ පාන්න වෙච්ච කෙනෙක්. එයාගේ තාත්තා ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කරලා. අම්මා මිය ගිහින්. ඉතිං, මේ තාත්තාව බලන්න ආපු වෙලාවේ, එයාගේ ආච්චි එක්ක ඉන්නේ. හදිස්සියේම මෙයාට පේන්න ගන්නවා, හැමෝගේම හිතින් මවාගත්ත යාළුවන්ව. මම මේ චිත්‍රපටියේදී එයාලාව හඳුන්වන්නේ මායා යාළුවන් කියලා. මේ මායා යාළුවන් එක්ක මොකක්ද අපේ බී කරන්නේ? ඇයි මෙයාට විතරක් හැමෝගේම මායා යාළුවන්ව පේන්න ගත්තේ? එයාගේ අරමුණ වෙන්නේ, මේ අමතක වෙච්ච, තනි වෙච්ච මායා යාළුවන්ට එයාලාට ගැලපෙන කෙනෙක්ව හොයලා දෙන එක. එයාගේ අරමුණ සාර්ථක කරගන්න පුළුවන්ද බලන්න, මේ චිත්‍රපටිය දිගටම බලන්න වෙනවා.

John Krasinski ගේ සංකල්පනාවක් එයාම අධ්‍යක්ෂණය කරලා චිත්‍රපටියකට නගලා තියෙන්නේ. Paramount Pictures ආයතනය තමයි මේ චිත්‍රපටිය ලොව පුරා බෙදා හැරීමේ කටයුතු බාර අරගෙන තියෙන්නේ. මුලින්ම ප්‍රංශයේදී තිර ගත කිරීම ඇරඹුණු මේ චිත්‍රපටිය පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රදර්ශණය ආරම්භ කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Cailey Fleming (බී), Ryan Reynolds (කැල්), John Krasinski (බීගේ තාත්තා) ඇතුළු පිරිසක්. මායා යාළුවන්ට කටහඬින් දායක වෙනවා Steve Carell (බ්ලූ), Phoebe Waller-Bridge (බ්ලොසම්), Awkwafina (බබ්ල්) ඇතුළු විශාල පිරිසක්.

හැමදාම මම චිත්‍රපටි වල web ratings ගැන කියනවානේ. මේ ලිපිය ලියන මොහොතේදී, මේ චිත්‍රපටියේ web ratings තිබ්බේ IMDb 6.5, Rotten Tomatoes 49%, Google Users 64% වගේ ප්‍රමාණයක්. මේ ගැන නොසිතා, චිත්‍රපටිය නරඹන්න කියලා ඔයාලාගෙන් ඉල්ලන්න කැමතියි. ආදායම් වාර්තා ගැන කියවෙන ආකාරයට මේ වෙනකොට ඩොලර් මිලියන 186.3ක් උපයාගෙන තියෙනවාලු.

එහෙනම් හැමදාම කියනවා වගේ, මගේ උපසිරැසි ගැන ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, හොඳ නරක අපිට කියන්න. හැමෝම මේ උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳියි කියලා බලාපොරොත්තුවෙනවා. ජය වේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “IF (2024) සිංහල උපසිරැසි” IF.(2024).Sinhala.Subtitle.rar – Downloaded 315 times – 714 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි හේමාල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram