Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ තෙවෙනි කොටස තමයි මේ අරන් එන්නේ. ක්රයිම්, ත්රිලර්, හොරර් ශාරණයන්ට අයත් වෙන මේ කථා මාලාව තේන්කාඩු වනාන්තරය හා සම්බන්ධ අත්භූත මිනීමැරුම් දාමයක් වටා ගෙතෙනවා.
කථාව පටන් ගැන්ම එක්ක ඔයාල දකින්න ඇති පොටෝග්රැෆර් කෙනෙක්ව වනරට්චිචිට ගොඳුරු වුනා. ඉතිං මේ නඩුව විමර්ශනයට ආපු ඉන්ස්පෙක්ටර් රිෂී මෙහි සිඳු වන දේවල් පිටුපස හඹා යනවත් එක්ක, මෙම කොටසෙදි ඔහුට මේ වගේ තවත් සිඳුවීමක් දැනගන්නට ලැබෙනවා. පසුව ඔහු එය ගැනත් විමර්ශනය කරන් යනකොට තමයි තේරෙන්නෙ, නඩු දෙකේම මරණයට හේතුව වෙනස් වුනත්, යම් යම් සමාන කම් තිබෙන බව. ඉතිං රිෂී මුල ඉදලා ඒ සිඳුවීම පිළිබදවත් හොයාගෙන යනවා.
ඊට පස්සෙ ගමේ ගැබිණි කාන්තාවකගෙ ගෙදරට වුනු පහර දීම ගැනත් ඔයාල දකින්න ඇති, ඉතිං එතන ඉදලා තමයි මේ කොටස ආරම්භ වෙන්නේ. මේ කොටසෙදි ඔයාලට මේ පොළිස් නිලධාරීන්ගේ පවුල් ජීවිත ගැන එහෙම බලාගන්න පුළුවන්. ඒවගේම රිෂී මේක මිනීමැරු කණ්ඩායමක් කරන වැඩක් විදියටයි දකින්නෙ. ඇත්තටම ඒක එහෙමද? නැත්නම් වන රට්චි ඇත්තටම ඉන්න කෙනෙක්ද?
ඉතිං කුතුහලය එක්ක පිරුණු මේ කථා මාලාව බලන්න කැමති නම් දැන් ඔයාලට බලන්න පුළුවන්. ඉක්මණට ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි ලබා දේවි.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
- මෙම කතාමාලාවේ පිටපත් පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk