spot_img

Iratta (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Iratta (2023) Sinhala Subtitle

 

මේ අවුරුද්දේ මුල් හරියෙම ආපු අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට සිංහල උපසිරැසිය අරගෙන තමයි මේ එන්නේ. ගොඩ දෙනෙක් ගොඩක් ආස කරපු ගොඩක් හොඳ කියපු කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක් තමා මේක. පැය දෙකකට ආසන්න කාලයක් අබිරහසක් විසඳන්න තියෙන්නේ අනුමාන කර කරම.

මේ චිත්‍රපටිය ඇවිල්ලා Iratta (2023) මලයාලම් චිත්‍රපටිය. IMDB අගයත් 8ක් වගේ ලොකු අගයක් අරන් තියෙනවා. රෝහිත් ක්‍රිෂ්ණන් තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. රඟපෑමෙන් එකතු වෙන්නේ මධුරම්, නායට්ටු වගේ චිත්‍රපටි වල හිටිය ජෝජු ජෝජ්, අංජලී ඇතුළු පිරිස. අනිවාර්යෙන්ම බලන්න මේ චිත්‍රපටිය. අවසානයේ දෙන කම්පනය නම් ටික දවසක් යනකම් අමතක වෙන එකක් නැහැ.

කතාව ටිකක් කියන්නම්. ඉඩුක්කි පොලිසියේ උත්සවයක් තියන්න හදන්නේ. හැමෝම ලහි ලහියේ වැඩ. උත්සවේ මොකක්ද කියලා ඔයාලා බලාගන්න. විස්තර ඇතුව කිව්වම කියවන්න කම්මැලියිනේ. ඉතින් ලොකු උත්සවයක් තියෙනවා. ඇමතිතුමියත් එන නිසා හැමෝම හෙන කැපවීමෙන් වැඩ කරන ගමන් හිටියේ. ගමේ අයත් එතනට එකතු වෙලා. එක සැරේටම පලාතම සලිත කරගෙන මහ සද්දයක් ඇහෙනවා. වෙඩි සද්ද තුනක්. හැමෝම ඒ පැත්තට දුවන්න ගන්නවා. ඊළඟ විනාඩි කීපයේ දකින සීන් එකට නම් මටත් උන් හිටි තැන් අමතක වුණා. මෙතනින් එහාට කිව්වොත් වැඩක් නැති නිසා මම නවතිනවා. සූම් එකේ හැමෝටම ස්තූතියි මගේ උපසිරැසිය පල කරාට. අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන්ම කියන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

මලිත් සමරදිවාකර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි මලිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram