spot_img

It Chapter Two (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉපැරණි මෙන්ම සිය ස්වරූපය වෙනස් කරගත හැකි අමනුෂ්‍යයෙක් සෑම වසර 27ට වරක් එක්තරා අසූචි වළකින් මතු වේ. විකටයකුගේ (Clown) ස්වරූපයෙන් බොහෝවිට පෙනී සිටින මේ අමනුෂ්‍යයාට මෙවර මුහුණදීමට සිදු වන්නේ යොවුන් වියේ පසුවන ළමයින් සත් දෙනෙකුටය. එය ඔවුන්ගේ මෙවර ගිම්හාන කාලය අතිබිහිසුණු එකක් බවට පත් කරයි.”

2017 වසරේ තිරගත කෙරුණු “IT “නම් භයංකර චිත්‍රපටයේ සංක්ෂිප්ත කතාව මෙය විය. අමෙරිකානු ඩොලර් මිලියන 35ක පිරිවැයකින් නිම වුණු ” IT ” අමෙරිකානු ඩොලර් මිලියන 700ක දැවැන්ත ආදායමක් වාර්තා කරමින් විචාරක පැසසුම් ලබමින් විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙසින් සිනමා ඉතිහාසයට එක් විය.

එයින් පසු තවත් වසර 27ක් ගත වී අවසන්ය. එදා යොවුන් වියේ පසු වූ දරුවන් දැන් වැඩිහිටියන් වී එකිනෙකාගෙන් දුරස් වී ඇත. මිත්‍ර සන්ධානය නැවතත් වසර විසි හතකට පසුව පෙනී වයිස් රාක්ෂයා පරාද කරන්න ඒකරාශි වෙනවා. බෙන්,මයික්,රිචි,බෙවර්ලි,බිල්,එඩී සය යහළු වික්‍රමය මෙතෙක් නොවිඳි සංත්‍රාසමය අත්දැකීමක් සපයනවා චීන අවන්හල තුළ මෙි මිත්‍ර සන්ධානයයේ රාත්‍රී ආහාර වෙිල.ෆෝචුන් කූකීස් දැවටුම හරහා මතුවන ප්‍රේහේලිකාමය අර්බුදය සමඟ පැමිණෙන නොසිතු විරෑ අරැමෝසමි ෆැන්ටසි සිදුවීම චිත්‍රපටය අතිශය සංත්‍රාසගත-කුතුහලමය බවින් පරිපුර්ණ ඉහළ තැනකට ප්‍රේක්ෂකයා සමීප කරනවා.

ප්‍රේක්ෂකයා නොමඟ යවනසුළු මෙි සය යහළුවන් එකිනෙකාට තමන්ගේ අතීතකාමයන් හරහා අටෝරාසියක ෆැන්ටසිමය අමිහිරි සිදුවීමිවල ගිල්ලවා සංත්‍රාසයට පත් කිරීම වසරේ විඳි හොඳම Enjoyoble Horror චිත්‍රපටය වීමට ප්‍රමාණවත් වුනා.බෙවර්ලි සහ බෙන්ට මුහුණපාන්නට සිදුවන අතීතකාමී මතක ගොන්නෙ සිදුවීමි නිරායාසයෙන්ම කොදුඇටපෙ⁣ළේ මැදින් හීන් දාඩිය දමන අන්දමෙ නොසිතු විරෑ මවාපෑමක් බව නමි කිව යුතුය. නවකතාවකින් චිත්‍රපටයක් හදනවා කියන්නෙ දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.”IT : Chapter Two” මා සළකන්නෙ ස්ටීවන් කින්ග්ට සාධාරණයක් ඉටු කළ චිත්‍රපටයක් ලෙසයි.ස්ටීවන් කිංග්ගේ බොහෝමයක් කතා ලියැවෙන්නේ අධිස්වභාවික (Supernatural)-සංත්‍රාසය(Horror) දනවන සාධක පෙරදැරිකරගෙන.ජේම්ස් මැකෝයි. ජෙසිකා කැස්ටියන්, බිල් හාඩර්, ඉසයියා මුස්තාෆා, ජේ රයන්, ජේම්ස් රැන්සන් ඇන්ඩි බීන් සහ බිල් ස්කාස්ගාඩ් ඇතුලු පිරිසකගේ සංත්‍රාසය පිරී රංගනයෙන් ඔපවත් වු “IT : Chapter Two” චිත්‍රපටය තුළ ලොකුම Credit එක යන්න ඔින Screenplay එකට.අනෙක් අතට ස්ටීවන් කින්ග්ගේ පරිකල්පන ශක්තියෙන් නිර්මාණය වන අධි ස්වභාවික චරිත මවාපෑමිවලට.චිත්‍රපටය තුළ සරැවාංගයම කුතුහලය පිරී සංත්‍රාසයෙන් නහවන සමාප්තිය පිලිබඳ හුඟක්ම සතුටු විය හැකි.පැයකුත් විනාඩි හතලිස් හතරක් පුරාවටම දුකින්,ලෙයින්,හාස්‍යයෙන් හා ආලයෙන් පිරී,නොනවතින සංත්‍රාසගත ක්‍රියාදාමයන්ගෙන් පරිපූර්ණ “IT : Chapter Two” යනු පෙර කී පරිදි Best Enjoyoble Horror Movie of The Year කියලා තමයි අන්තිමට චිත්‍රපටය ගැන කියන්නට තියෙන්නෙ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram