More

    Jackson Durai (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද එන්නේ 2016 නිකුත් වුණ Jackson Durai කියන Horror | Comedy දමිළ චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි. ඒ වගේම මේක මගේ හතරවන දමිළ උපසිරැසිය වගේම දමිළ චිත්‍රපටයක් වෙනුවෙන් කරන “පළමු වන අසා ලිවීම” ඒක නිසා අඩු පාඩුවක් තිබුණොත් සමාවෙන්න කියලත් කියනවා.

    නළු නිළි කැල ගත්තෝතින් එහෙම,
    Sibiraj
    Bindu Madhavi
    Sathyaraj
    Zachary වගේම..

    Yogi Babu
    Rajendran
    Karunakaran යන අයවලුන් රංගනයෙන් දායක වෙනවා.

    *අයන්පුරම්* නම් පිටිසර ගම්මානයක්.ඒ ගමෙන් නගරෙ දක්වාම දිවෙන එක් පෙත්සම් පැමිණිල්ලක්…ගමේ ජැක්සන් කියන භූතයා ගමේ අයට කරදර කරනවා, මේකට කුමක් හෝ කරන්න කියාලා..නගරෙ ඉන්න ඉහල පැලැන්තියේ උසස් පොළිස් නිළධාරීන් මෙය කටකතාවක් යැයි සිතා, පොළිස්ථානයෙ ඉන්න වැඩකටම නැති නිළධාරියාව යවනවා මේ ගැටළුව විසදන්න..(Sibiraj) ගමට යන මොහුට එක එක කථා අසන්නට ලැබෙනවා.ජැක්සන් භූතයා සුද්දෙක්ලු (ඉංග්‍රීසිකාරයෙක්), භූතයාට ඉංග්‍රීසි පත්තර ගෙනියන්න ඕනෙලු.එළුවො දෙන්න ඕනෙලු. නොයෙක් ආකාරයේ කතා..පොර ඔය එකක්වත් විශ්වාස කරන් නෑ..කොහොමෙන් කොහොම හරි භූතයෙක් ඇවිල්ලා පොරට එක වෙට්ටුවයි දාන්නෙ, පොරට උණ හැදිලා කටින් පෙණ දාන්නම..

    ඔය අතරෙ තව අභියෝගයක් එල්ල වෙනවා ජැක්සන් භූත බංගලාවෙ දින හතක් නැවතුනොත් දුව දෙනවා කියන අභියෝගයක්.. පොළිස්කාරයටත් කෙල්ලව ඕනෙ නිසාවෙන් අභියෝගෙ භාර අරන් තවත් කෙනෙක් එක්ක බංගලාවෙ තරග වදිනවා… ඔන්න ඔතන ඉදන් ආතල්ම තමා..මරුම ආතල් එක රාජෙන්ද්‍රන් ඉන්නෙ හොල්මනකට 😂 යෝගි බාබුව බංගලාවට යැව්වනම් ෆට්ටම ආතල් තමා…මේ චිත්‍රපටය බය කිරීමේ අරමුනුණින් හදපු එකක් නෙවේ..හොල්මන් එකෙක්වත් මිනිස්සුන්ව භය කරන්නෙ නෑ, බංගලාවෙන් ඇවිල්ලා..යෝගි බාබුයි පොළිස්කාරයයි දෙන්නම මාර කොමෙඩි තමා දෙන්නෙ මුල ටිකේ…පස්සෙ බංගලාවට සෙට් වෙන්නෙ කරුනාකරන්…මටනම් ටයිම් ලයින් ගහද්දිත් හිනා යනවා, සබ ගහද්දිත් හිනා යනවා.

    ඒවගේම සුපුරුදු පරිදි ගීත උපසිරැසි ගැන්වීම ලහිරු උදයංග. එයා නිසයි මම ටැමිල් එකට අත ගැහුවෙම..මේ යකා ඉන්දියන්කාරයෙක්ද කොහෙද..තෑන්ක්ස් ඈ.. බය කරන්න කිසිම හොල්මනක් නැති අවුරුදු 100ක භූත-භූත සටනක් මැද්දෑවට කොටු වෙන අපේ කාලෙ ඈයොන්ට වෙන සිද්දි ටික බල බලා හිනා වෙන්න කැමති අය බලමු එහෙනම්.. Jackson නම් හරී කියමු.එතකොට කවුද මේ Durai??….එහෙනම් අපි ගියා..බලන්ටකෝ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Jackson Durai (2016) සිංහල උපසිරැසි” Jackson.Durai.2016.Sinhala.Subtitle.rar – Downloaded 2106 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශෙන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. ඉස්කෝතුයි අසේණ් ඛවිධු 😉👊👊.. ඒ නලුවගෙ නමට නම් හිනා ගියා ඈ 😁
      මොනා උනත් පට්ට ෆිල්ම් එක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram