More

    Jai bhim (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කුළ මල භේත මතින් ගමන් කරන එක්තරා ගැමි ගම්මානයක්.. ඒකේ ජීවත් වෙනවා බොහොම ආදරණීය ඉතාමත්ම දුප්පත් පවුලක්. එක්තරා දිනක මේ ගමේ ඉහළ පැලැන්තියේ ගෙදරකට නයෙක් වදිනවා. ඉතිං නයා අල්ලන්න, එක්ක එන්නෙ ඉහත කිව්ව දුප්පත් පවුලෙ සැමියා.. සීසීකඩ ගිය රත්‍රං බඩුත් කාමරේ තියෙනවා. කොහොම හරි අන්තිමේ හැම තැනම හොයලා-පෙරලලා නයාව නම් අල්ලගන්නවා. ඒත්, වැඩි දවසක් යන්නත් මත්තෙන් ආයෙම මේ ගෙදරට හොරු පැනලා අර රත්‍රං ටික උස්සනවා.. පොළීසියෙන් එහෙම ඇවිල්ලා ඇඟිලි සළකුණු මත අර දුප්පත් මනුස්සයා අල්ලන් යනවා. මොකද නයා අල්ලන්න ගිය වෙලේ හැම බඩුවක්ම ඇල්ලුව නිසා, ඇඟිලි සලකුණුත් තියෙනවා.

    ඉතිං ඔහුගේ වටේ ඉන්න අනික් අයවත් පොළීසියෙන් එක්ක ගිහින් හොඳටම ගහනවා.. පසු පසු වෙන්න බලගෙන ඉන්නත් අපහසු මට්ටමේ දේවල් මේ පොළීසිය විසින් සිදු කරනවා.. කොහොමද කියනවනම්, “විසාරනෙයි” චිත්‍රපටියේ වගේ. කොච්චර ගැහුවත් මොහුන් කියන්නෙම “හොරකම් කලේ නෑ” කියලා නිසා පොළීසිය තව තවත් දරුණු වෙනවා. ඒ වගේම අර පුද්ගලයගෙ නෝනව පවා ගෙනල්ලා වද දෙනවා. ඇත්තටම කියනවනම් ඔහුව ගේන්නත් කලින්ම තමයි මේ බිරිඳට ගහන්නේ. ඇයි කියලා බලන්නකො.

    මේ අතරේ නගරෙ, උද්ඝෝෂණයක්.. ඒ පොළිස් කාරයෙක්ගෙන් උණ අකටයුත්තකට කියලා අපිට පෙන්වනවා. මේක ලීඩ් කරන්නෙ නීතීඥ මහත්මයෙක්.. ඒ තමයි අපේ “සූර්‍යා”. මොන උද්ඝෝෂණේ උනත් මොහු තමන්ගෙ සේවාදායකයින්ගෙ වැඩ ගැනත් බලන කෙනෙක්.. ඔහොම යද්දි මේ නීතීඥයා ළගට එනවා අර බිරිද තම සැමියව හොයලා දෙන්න කියලා.. ඇයි හොයන්න කියන්නේ….? අතුරුදන් ද? ඔව් අතුරුදහන්. පොළීසිය කියනවා “ඔවුන් පැන ගියා” කියලා. ඉතිං මොහු මේ සිද්ධිය මුළ ඉදලා අධ්‍යණය කරන්න ගන්නවා.. ඉතිං අතුරුදහන් වූවන් හම්බවෙයිද? මේ අසරණ ව ගැබකුත් දරන් ඉන්න බිරිඳට සාධාරණේ ඉටුවෙයිද…..ඔවුන්ට සැබෑවටම කුමක් වුණිද කියලා දැනගන්න නම්, මේ “ජයි භීම්” ඔයාලට බලන්නම වෙනවා.

    වෙනද වගේ සූර්‍යට මේකෙ ආදර සීන් නෑ… ගුරුත්වෙ අභිබවන සටන් නෑ.. සටන් ඇත්තෙම නෑ.රාජිෂාත් ඉන්නවා මේකේ. විකාර ලව් සිංදු නෑ.. කාලෙකින් සූර්‍යගෙ මතක හිටින ජාතියෙ ෆිල්ම් එකක් වෙයි මේක.. එහෙනම් බලන්න මේ IMDB අඟය 9.7ක් ඉහළට ඔසවපු චිත්‍රපටිය කොහොමද කියලා…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Jai bhim (2021) සිංහල උපසිරැසි” Jai.bhim.(2021).Sinhala.Subtitle.rar – Downloaded 18855 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Movie World
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram