spot_img
spot_img

Jai Lava Kusa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අපේ තෙලිගු චිත්‍රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්‍රපටි Jai Lava Kusa ෆිල්ම් එක තමයි අද ඔයාලට අරන් ආවේ.

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ K.S Ravidra විසින් වගේම නිෂ්පාධනය කරන්නේ අපි ගොඩක් ආස කරන නලුවෙක් වෙන Nandamuri Kalyan Ram විසින්. ඔයාල එයා ඉන්න මම දුන්න චිත්‍රපටියත් බලන්න ඇතිනේ. ISM 2017 එක. ප්‍රධාන චරිත නිරෑපනය කරන්නේ N. T. Rama Rao Jr විසින් වගේම ප්‍රධාන නිලිය Raashi Khanna විසින්. imdb අගය 7.6ක් ලැබිලා තියෙන මෙම චිත්‍රපටය 2017 සැප්තැම්බර් 21 වන දින ප්‍රථම තිරගතවීම ආරම්භ කරනවා. ඒ වගේම විනාඩි 153ක කාලයක් ධාවනය වෙනවා. බොක්ස් ඔෆිස් ආදායමත් ඉන්දියානු රැපියල් කෝටි 129ක් උපයලා තියෙනවා.

කතාවේ වෙන්නේ ජයි,ලව්,කුෂු කියලා නිවුන්නු 3න් දෙනෙක් ඉන්නවා. මෙයාලගෙ අම්ම මැරුනට පස්සේ අම්මගෙ මල්ලී හදාගන්න අරගෙන ගිහින් එයාගෙ නාට්‍ය කන්ඩායමේ නලුවන් විදිහට එකතු කරගන්නවා. හැබැයි මේ තුන් දෙනාගෙන් ලව්, කුෂු දෙන්නව විතරයි මාමා රගපාන්න ගන්නේ. ඒකට හේතුව ජයි ගොත ගහන නිසා එයාට දෙබස් කියාගන්න බැරි නිසා. හැබැයි ජයි හරිම ආසයි රගපාන්න. අවස්තාවක් ලැබෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි මල්ලිලා දෙන්නත් මෙයාට හරියට විහිලු කරනවා. මාමගෙ පවුලේ අවත් මෙයාට කැමති නෑ. ඇත්තටම කිවුවොත් හැමෝම දන්නෙ නිවුන්නු දෙන්නෙක් කියලා මිසක් 3න් දෙනෙක් කියලා දන්නෙ නෑ. ඉතින් මෙහෙම ආසාධාරනයට ලංවෙන ජයි දවසක් මුලු රංග ශාලාවටම ගිනි තියලා පැනලා යනවා. ටික කාලෙකට පස්සේ කුෂුඩු කාර් එකේ යනකොට අනතුරුක් වෙනවා. ගිහින් බැලුවම ඒ ඉන්නෙ ලව්ඩු එදා අනතුරින් පස්සේ අදයි මෙයාල මුනගැහෙන්නේ. ඒකට හේතු පස්සෙ දැනගන්න පුළුවන්. කුෂුඩු කියන්නේ හොරෙක්, ඒ වගේම ලව්ඩු කියන්නේ බැංකු කලමනාකරුවෙක්. ඉතින් කුෂුඩු හදන්නේ ලව්ඩු විදිහට බැංකුවට ගිහින් සල්ල වගයක් මාරු කරගන්න. මේ වගේ කතාව සෑහෙන පැටලිලි ගොඩක යන්නේ. ඒ විතරක් නෙමෙයි දවසක් මෙයාල දෙන්නව පොලීසියෙන් අල්ලන් යනවා එක්තමා සිදුවීමක් නිසා. හැබැස් පස්සෙ දැනගන්නේ ඒ පොලීසියෙන් නෙමේ කියලා. එහෙනම් කවුද ඒ ආවේ. ඇයි ආවේ. මොනවද මෙයාලට ඊලගට වෙන්නේ? ඒ දේවල් දැනගන්න නම් ඔයාල චිත්‍රපටිය බලන්න වෙනවා. අනික් තාම ජයි ගැන මොකුත්ම මම කිවුවේ නෑනේ. එහෙනම් බලලා තේරුම් ගන්න කියන ගමන් මම යනවා. හැමෝටම සුබ දවසක්. අදහසක් දාල යන්න අමතක කරන්න එපා කියන එකත් මතක් කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි” Jai.Lava.Kusa.(2017).Sinhala.Subtitle.rar – Downloaded 398 times – 38 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram