today-is-a-good-day
More

    JAMES AND ALICE (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් මං අද සිංහල උපසිරැසි අරගෙන ආවේ, IMDB දර්ශකයේ 6.6ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න සමත්වුනු, මලයාලම් චිත්‍රපටියක්. මගේ මතයට අනුව නම්, මේකට අඩුමගාණේ 9.5ක අගයක්වත් ලැබිය යුතුයි. ඇත්තටම මේක ලස්සනම ලස්සන ආදර කතාවක් ඔස්සේ ගලාගෙන යනවා. Prithviraj සහ Vedika මෙහි ප්‍රධාන චරිත දෙකට පණපොවනවා. ඉතින් මං මේ ලස්සන සළරුව ගැන පුංචි විස්තරයක් කරන්නම්.

    ජේම්ස් කියන්නේ, කළාකරුවෙක් වගේම සහකාර අධ්‍යක්ෂකවරයෙක්. ඇලිස් කියන්නේ, බැංකු නිළධාරිනියක්. මේ දෙන්නාට දෙන්නා පණ වගේ ආදරේ කරනවා. හැබැයි ඇලිස්ගේ තාත්තා ලොකු සල්ලිකාරයෙක්. ඉතින් ස්ථීර ආදායමක් නැති, කාත්කවුරුවත් නැති ජේම්ස්ට තමන්ගේ දුවව විවාහකරලා දෙන්න, ඔහු කැමතිවෙන්නේ නෑ. හැබැයි ඇලිස් තමන්ගේ පියාගේ කීමට පිටින්ජේම්ස් එක්ක විවාහ වෙනවා. මේ දෙන්නාට දුවෙකුත් හම්බවෙනවා. මේ විදියට අවුරුදු 8ක් විතර ගෙවිලා යද්දී, ජේම්ස්ට තමන්ගේ රැකියාව නිසා පවුල් වගකීම් බොහොමයක් මඟහැරෙනවා. ඇලිස්මේ සියල්ල ඉවසාගෙන හිටිනවා. නමුත් ඇලිස්ගේ මේ ඉවසීමේ සීමාව ඉක්මවා යන විදියේ වැඩක්, ජේම්ස් නොදැනුවත්ව ඔහු අතින් සිදුවෙනවා. ඉතින් ඇලිස් ජේම්ස්ගෙන් දික්කසාද වීමට තීරණය කරනවා. හැබැයි දික්කසාද වීමටත් පෙර, ජේම්ස් මාරක රිය අනතුරකට භාජනය වෙනවා. මෙතන ඉඳන් එහාට වෙන්නේ මොනවද කියලා, ඔයාලා චිත්‍රපටිය නරඹලාම දැනගන්න. අද කතාව කිව්වා වැඩිද මන්දා?! හැබැයි කියපු දේවල් වලට වඩා ලොකු කතාවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. නෙතට කදුළක් ගෙන එන මේ ලස්සන ආදර කතාන්දරය ඔබත් අදම නරඹන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “James and Alice (2016) සිංහල උපසිරැසි” James.and.Alice.(2016).Sinhala.Subtitle.rar – Downloaded 1381 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉසුරු මධුසංඛ පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram