spot_img

Joe (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Joe (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් 2024 වර්ෂයට ඔයාලට අලුත්ම ආදර කථා දෙකක් අඩංගු චිත්‍රපටයක් තමයි අරන් ආවේ. ඔයාලා Raja Rani බලල තියෙනවනේ.. අන්න ඒ වගේ ලයිට් වර්ශන් එකක් මේ.

මුල භාගයේ සිනාවෙන් අරන් ගිහින් අඩවලා, දෙවෙනි භාගෙදි ආයෙම දුක අමතක කරවන ජාතියේ ෆීල් ගුඩ් මූවි එකක් තමයි මේක. ඉතිං සෑහෙන කාලෙකින් තමයි දමිළ චිත්‍රපටයකට අසා ලිවීමක් කලේ. IMDB දර්ශකයේ 6.8ක අගයක් ගත්තු මේ Rom-Com චිත්‍රපටයට බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම 2023 හොඳම දමිළ චිත්‍රපට ලැයිස්තුවලත් මේ චිත්‍රපටය අන්තර්ගත වුනා.

කථාව පැත්තට ගියාම කොලේජ් එකක තමයි කථාව ආරම්භ වෙන්නේ.. කොලේජ් වල සීන් බලන්න ආසයි නේද? හිනාවෙන් පිරුණු සුන්දර මොහොතයන් තමයි අඩංගු වෙන්නේ. මෙහි සිටින එක් කණ්ඩායමක් ගැන සහ එහි සිටින ජෝ නම් කොල්ලෙක් සුචී නම් කෙල්ලෙක්ගෙ ආදරය පසු පස යෑමකින් තමයි ආරම්භ වෙන්නේ.

ඉතිං බොහෝ ලැජ්ජ ශීලී කෙනෙක් තමයි ජෝ කියන්නේ, සුචී කියන්නෙත් ජෝ සමග වැඩි කථා බහක් කර නැති අහිංසක මලයාලි කෙල්ලක්. ඉතිං මේ ආදරේ පස්සෙ යද්දි කොල්ලා මූණ පාන දේවල් හාස්‍යමය විදියට මෙහි අඩංගු වෙලා තියෙනවා.

ඒ වගේම මෙහි නිළියන් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ අනිත් නිළිය කවුද ඇයි ඉන්නෙ කියලා ඔයාලටම තමයි බලාගන්න වෙන්නේ.

ඉතිං අවසානේ සුචීගෙ හදවත දිනාගන්න ජෝ සමත් වෙනවා. එතැන් පටන් ලස්සන ආදර සමයක් ඇරඹෙනවා. එහෙනම් උපසිරැසියත් එක්කම ආදර සමයකට එලබෙන්න දැන් ඔයාලටත් පුළුවන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති Tamilmv HD WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram