today-is-a-good-day
More

    K-13 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ සුපිරිම දමිල චිත්‍රපටියක් තමයි,මේ දවස් ටිකට චිත්‍රපටි ගොඩක HD පිටපත් අන්තර්ජාලයට නිකුත් උනා,ඒ අතර  7- Seven,118,Kolaigaran,Game Over,Lisa වගේ උපරිම කුතුහලයෙන් වගේම අන්තිමට මොකක්ද වෙනෙන් කියල හැම තප්පරේම ආශාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටිත් තිබ්බා,ඉතින් ඒ ඔක්කොටම වගේ අපේ Zoom එකෙන් ඔයාලට උපසිරසිත් ඉක්මනටම අරගෙන ආවා

    ඔන්න ඔහොම ඒ චිත්‍රපටි ලැයිස්තුවට අලුතෙන්ම අද එකතුවෙන චිත්‍රපටිය තමයි  2019 මැයි 03 වන දින ප්‍රදර්ශනය ආරම්භ කරපු K-13 දමිල චිත්‍රපටිය.Action, Drama, Mystery කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටිය Imdb 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා,කවදත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබෙන Arulnithi තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,Demonte Colony.Aarathu Sinam, Iravukku Aayiram Kangal චිත්‍රපටි බලල තියෙනවනම් මෙයා ගැන වෙන කියන්න ඕනි නෑ කියල හිතනවා,ඒවගේම Jersey,Rustum,Nerkonda Paarvai චිත්‍රපටි වලින් ගොඩක් ජනාරදයට පත් උන Shraddha Srinath ව අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්

    කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” K-13.(2019).Sinhala.Subtitle.rar – Downloaded 277 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram