More

    KGF Aka K.G.F (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දෙසැම්බර් 21 වැනිදා මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්න පූර්ව ප්‍ර‍චාරක පට ගියාම හැමෝම හිතුවේ මේ චිත්‍ර‍පටිය ලොකු සාර්ථකත්වයක් ලබන එකක් නැහැ කියලා… ඒකට හේතුවක් තිබ්බා.. මොකද ශාරුක් ඛාන් රඟපාන සිරෝ චිත්‍ර‍පටියත් නිකුත් වෙන්න තිබ්බේ දෙසැම්බර් 21 වැනිදා.. ඉතින් ෂාරුක්ගේ චිත්‍ර‍පටියක් එක්ක මේ කන්නඩ භාෂාවෙන් නිර්මාණය වෙලා හින්දි ඩබ් කරපු චිත්‍ර‍පටියකට හැපෙන්න හැකියාවක් නැති වේවි කියලා සැහෙන අය හිතුවා.. නමුත් වැඩේ උනේ අනික් පැත්තට සිරෝ චිත්‍ර‍පටිය සිරෝම වෙලා යද්දි මේ චිත්‍ර‍පටිය හින්දි ඩබ් කරපු කොපිය වගේම ඔරිජිනල් කන්නඩ භාෂාවෙන් නිකුත් උන චිත්‍ර‍පටියත් ආදායම් වාර්තා තබමින් තිරඟත වෙන්න පටන් ගත්තා… ඒ විතරක් නෙමෙයි IMDB මිටරේ 8කට වඩා වැඩි අඟයක් ගන්නත් මේක සමත් වුනා… ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන Yash වත් බොලිවුඩ් සිනමා රසිකයින් අතරෙත් සැහෙන ජනප්‍රිය වෙන්න පටන් ගත්තා..

    කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්‍රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්‍ර‍ම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි… රොකිගේ මේ ගමන කොතරම් මුළු ඉන්දියාවම හෙල්ලුවාද කියන්නේ ඉන්දියාණු ආණ්ඩුව විසින් ඉන්දියාණු හමුදාව වෙත මරණිය වරෙන්තුවක් අත්සන් කරනවා ඉන්දියාවේ ලොකුම අපරාධකාරයට එරෙහිව… ඉතින් මේ රොකීගේ ගමන් මඟ නැරබිම අද ඉදන් ඔබට බාරයි..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “K.G.F.(2018) සිංහල උපසිරැසි” K.G.F.(2018).Sinhala.Subtitle.rar – Downloaded 37143 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. මචන්ලා උබලගෙ ටීවි සබ් පුලුවන්නම් එන හොද ෆිල්ම් වලට දෙන්න

    Leave a Reply to Randika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram