Kaa The Forest (2026) Sinhala Subtitle
ඔන්න තවත් දමිළ චිත්රපටියකට උපසිරුසියක් අරගෙන ආවේ.
වැඩි කතා නැතිව යමු චිත්රපටිය පැත්තට.
මිනිස් වාසයෙන් ගව් ගණනක් ඈතින් පිහිටි, කිසිවෙකුගේ පිහිටක් නොලැබෙන ඝන අන්ධකාරයෙන් පිරුණු වනාන්තරයක් මැද ඔබ හුදෙකලා වුණොත් මොනවා වෙයිද? Kaa: The Forest (2026) එම සිනමාපටය ගැනයි.
“Kaa The Forest” කියන්නේ අතීතයේ සිද්ධ වුණු අඳුරු අපරාධයක් සහ වර්තමානයේ සිදුවෙන භයානක සිදුවීම් එකට බැඳුණු Thriller එකක්. 1980දී මයිතිලි කියන තරුණියක්, ඇයට ආදරය කළ පුද්ගලයෙක් විසින් ප්රතික්ෂේප කිරීමේ වේදනාවෙන් ඝාතනය වෙනවා. ඒ අඳුරු සිදුවීමෙන් පස්සේ කතාව 2020ට මාරුවෙනවා.
සමාජ මාධ්යවල රජයට විරුද්ධව කතා කරන තරුණයන් තුන්දෙනෙක්ව ඝාතනය කරන්න වික්ටර් මහාදේවන් කියන මැරයෙක්ට භාර වෙනවා. ඔහු ඔවුන්ව ගැඹුරු වනාන්තරයකට අරගෙන යනවා. ඒ අතරම, අලුතින් වන ජීවී කාර්යාලයට බැඳෙන බයගුලු මතී සහ වනජීවී ඡායාරූප ශිල්පිණියක් වන වෙන්බා, වනය ඇතුළට යන ගමනකදී මේ අපරාධය අහම්බෙන් දකින්න ලැබෙනවා.
එතනින් පස්සේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ මිනිස් සතුරන්ට වගේම වනයේ සැඟවුණු අද්භූත භයානක බලවේගයකටත්. ජීවිතය බේරගන්න ඔවුන් කරන සටන, අතීතයේ අඳුරු රහසක් එක්ක එකතු වෙනවා.
එතනින් එහාට ඔයාලට බාරයි චිත්රපටිය නරඹන්න.
තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු.
ජය වේවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












සබ්එකට ස්තූතියි මචං