today-is-a-good-day
More

    Kalavaadiya Pozhuthugal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ගෙදරට වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් වෙනසකටත් එක්ක මං මේ ගමන දෙමළ චිත්‍රපටියක් ගෙනාවා. මේක ටිකක් පරණයි හැබැයි කවුරුවත් උපසිරැසි ලබා දීලා නෑ. මේ චිත්‍රපටිය Romance/Drama වර්ගීකරණයට අයිති එකක් 5.9/10 IMDb අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Thangar Bachan මෙයා තමයි. Prabhu Deva, Bhumika Chawla, Prakash Raj, Ganja Karuppu… වගේ ප්‍රසිද්ධ නළු නිලියෝ රංඟනයෙන් දායක වෙනවා. ප්‍රභූ දේවාගෙ චිත්‍රපටිවලට කැමති කෙනෙක් නම් මේකත් අනිවා නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දැන් කතාව ගැන ෆේස්බුක් ගෘප් එකක පලවෙච්ච ලිපියකින් කියන්නම්.

    ඔබ කලක් බොහෝ සෙයින් පෙම් කළ, ඔබේ ජීවිතයේ පරම ආනන්දය වී තිබූ අයෙකු ඔබෙන් දුරස් වීමෙන් අනතුරුව අහම්බයක් සේ කලකින් ඔබ හමුවට පැමිණේ නම් ඔබට එවිට දැනෙන හැඟීම කොහොම එකක් විය හැකිද? කෙටියෙන් කියතොත්, සමුගැනීමක වදනක් හෝ නොතබා වෙන්ව ගිය ෙ ඔබේ පෙම්වතා/පෙම්වතිය නැවත ඔබගේ ලෝකයට අහඹුවක් සේ පැමිණීම දෛවයේ කිනම් සරදමක් යැයි ඔබ සිතන්නෙහි ද? එසේ හමුවන විට ඔබ දෙදෙනාම වෙනත් දෙදෙනෙකු වෙනුවෙන් වෙන් වූ ලෝක දෙකකට අයත් වී තිබීම………‍ෙප්‍රේමයෙන් වෙළී උන් පෙම්වතුන් යුවළකට එය තරම් දෛවය කුරිරු විය හැකි අවස්ථාවක් තවත් තිබේද? වරෙක දුටු සැණින් නෙත, සිත පිනා ගිය රුව ඇස ගැටේ යැයි බියෙන් ගැහෙමින් මගහරින්නට සිදුවීම. වරෙක සවනත වැකෙද්දී ප්‍රේමයෙන් මුසපත් කළ කටහඬ දුරකථනයෙන් ගලා එද්දී මුව ද, හදවත ද එක ලෙස ගොළු වී යෑම. බලාපොරොත්තුවෙන් සිටින, නමුත් පිළිවදන් දීමට සවියක් නොමැතිව ඒ ඇමතුම වරින් වර ආයාසයෙන් විසන්ධි කිරීමට සිදුවීම.වරෙක එක කුඩය යට තුරුළුව බඳ වටා වෙළී ගිය දෑත් සීතල අනෝරා වැස්සක දී ආගන්තුක ලෙස එකිනෙක ගැටීම. ඒ සියල්ලන්ටම වඩා අසන්නට, කියන්නට දහසකුත් එකක් දේ තිබියදී ඒ හැඟුම් සියල්ල නිමක් නොපෙනෙන නිහඬතාවයක ගිල්වා දැමීමට සිදුවීම.සියල්ල උසුලා සිටිය ද දරාගත නොහැක්කේ ද අහම්බෙන් හමු වී ආගන්තුකයන් බවට පත්වීම ය. ආගන්තුකයන් ලෙස හැසිරෙන්නට සිදුවීම ය. නමුත් එය දෛවයේ නියමය යි. අවාරයේ වෙන්වීම දරාගත හැකි ය.නමුත් දරාගැනීමට අසීරුම වන්නේ අවාරයේ හමුවීම් ය.අවාරයේ හමුවීම්වල ඇති ආගන්තුක නිහැඬියාවන් ය.අප කාගේත් ජීවිත තුළ දෛවය විසින් සොරාගන්නා ලද ප්‍රේමණීයම නිමේෂයන් පැවතිය හැකි ය. නමුත් බොහෝ කලකට පෙර දෛවය අපගේ ජීවිතවලින් සොරාගත් ඒ නිමේෂයන්ට මුළු ජීවිතයම සොරාගැනීමට ඉඩ තැබිය නොහැකි ය.

    උපුටාගැනීම…!!
    භාරත සිනමා රසික සංසදය ෆේස්බුක් ගෘපය වෙනුවෙන්
    Hansini Kavindi විසින් පල කරන ලද්දකි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති youtube පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kalavaadiya Pozhuthugal (2017) සිංහල උපසිරැසි” Kalavaadiya.Pozhuthugal.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1507 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. බොහොම ස්තුතියි බං. පරන කියලා නැ දෙමල , තෙලිගු , මලයාලම් , කන්නඩ අනිවා බලනවා අපි. තව පරන එවා තියෙනවා නම් සබ් කරලා දෙන්න අපිට

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram