spot_img

Kartha Karma Kriya (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි යාලුවනේ… මේ තමයි මගේ පළවෙනි සිංහල උපසිරසි ගැන්වීම, ෆිල්ම් එකකට සබ් එකක් හදන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියල මට තේරුනේ මේ සබ් එක කරද්දී.. මං අද අරන් ආවෙ drama/thriller ගණයට වැටෙන තෙලුගු film එකක් ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ nagu gavara කියන තෙලුගු චිත්‍රපට අධ්‍යක්ශකවරයා… ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ vasant sameer(සිද්දු) නම් නවක නළුවකු හා saher afsha(මයිත්‍රී) නම් සුරූපී නවක නිළියකයි… ඒ වගේම තෙලුගු සිනමාවෙ අතිදක්ශ නළුවෙක් වන ravi varma ද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවයි..

කතාව පැත්තට හැරුනොත් සිද්දු කියන්නේ ෆෝන් කඩයක වැඩකරන කොල්ලෙක්.. එයාගේ මූලික අරමුණ ලේසියෙන්ම සල්ලි හොයන එක. කාලෙකට පස්සෙ එයා මයිත්‍රී කියල කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා… මයිත්‍රී කියන්නේ එයාගේ අක්කා දිව්‍යාගෙ දිවිනසාගැනීමට හේතුවන අභිරහස සොයාගෙන යන කෙල්ලෙක්.. පසුව මයිත්‍රීට එම අභිරහස විසදන්න සිද්දුත් උදව් කරන්න පටන් ගන්නවා..එයාලට දැනගන්න ලැබෙනව දිව්‍යා වගේම අභිරහස් ලෙස දිවිනසාගත් තවත් කාන්තාවන් දෙදෙනෙක් ගැන.. .කතාවේ අනිත් ප්‍රධාන චරිතය වන රවීතේජා (ravi varma) කියන්නේ පොලිස් අපරාධ අංශයේ දක්ශ නිළධාරියෙක්.. මෙයත් මේ එකිනෙකට සමාන අභිරහස් මරණ තුන ගැන හොයන්න පටන් ගන්නවා…ඇත්තටම මොකක්ද මේ දිවිනසාගැනීම් වලට හේතුව, කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියන ප්‍රශ්න ඔයාලට ඉතුරු කරමින් ඉක්මනින්ම තවත් තෙලුගු ෆිල්ම් එකකට උපසිරසි ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම නික්මයනවා. මේ මගේ පලවෙනි උපසිරසිය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති.. ඒකට ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.. බුදුසරනයි සියලු දෙනාටම..!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram