spot_img

Karuppan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

R. Panneerselvamගේ අධ්‍යක්ෂණයෙන් Vijay Sethupathi, Bobby Simha, Tanya ඇතුළු නළු නිළියන්ගේ රංගනයෙන් කරුප්පන් චිත්‍රපටිය 2017 සැප්තැම්බර් 29 වැනිදා ඉන්දියාව පුරා තිරගත විය. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් කදිර් (බොබි සිම්හා) යනු මායි නැමැති පුද්ගලයාගේ බිරිදගේ මල්ලියි. ඔහු විසින් මායි නැමැති පුද්ගලයාගේ දියණිය වන අන්බුට ආදරය කරනවා. නමුත් අන්බු මේ පිළිබද කැමැත්තක් දක්වන්නේ නැත. මේ ගමේ ගොන්පොර පවත්වනවා. මායි තමන්ගේ ගාව සිටින ගොනාව මේ තරඟයට සුදානම් කරනවා. නමුත් මේ ගොනාව මෙල්ල කිරිමට ගමේ කිසි කෙනෙකුටත් නොහැකිය. කරුප්පන් (විජේයි සේතුපති) යනු එහා ගමේ තරුණයෙක්ය. ඔහුගේ මිතුරන් විසින් ඔට්ටුවක් දානවා මායිගේ ගොනාව ගොන්පොර තරගයේදි කරුප්පන් විසින් මෙල්ල කලොත් මායි ගේ දියනිය වෙන අන්බුව ඔහුට විවාහය කර දෙන ලෙසට. කොහොම හරි කරුප්පන් මේ තරඟය දිනිනවා. අන්බු මුලින් මොහුට අකමැති උනාත් පසුව කරුප්පන්ව විවාහ කර ගැනිමට කැමැති වෙනවා. මේ නිසා දැඩි කෝපයට පත්වෙන්නේ කදීර්. ඔහු අවුරුදු ගානක් ඉදන් හිතින් අන්බුට ආදරය කලාත් එහා ගමක ඉදන් ආපු තරුණයෙකු ඔහුගේ ඇස් ඉදිරිපිටම අන්බුව අරන් යනවා මොහුට ඉවසන්න බැරි වෙනවා. එතැනින් එහාට ඔහු කරුප්පන්ව විනාස කිරිමට නොයෙකුත් දේවල් කරනවා. අවසානයේ කුමක් වේවිද කියා චිත්‍ර‍පටිය නැරඔුවාම දැනගන්න පුලුවන් වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram