spot_img
spot_img
More

    Kavacham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Imdb 7.1 ක අගයක් ගත්තු සුපිරි ක්‍රියාදාම සමග කුතුහලය උපරිමයෙන් තියෙන  තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,Alludu Sreenu,Speedunnodu,Jaya Janaki Nayaka,Saakshyam චිත්‍රපටි හරහා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්ත Bellamkonda Sreenivas ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Kavacham.ඒවගේම Sreenivas ගේ මේ අවුරුද්දේ මැයි මාසේ එයාගේ අලුත්ම චිත්‍රපටියත් ප්‍රදර්ශනය ආරම්භ කරන්න නියමිතයි.ඒක තමයි Rakshasudu.ඔයාල ගොඩක් ආසාවෙන් බලපු Ratsasan දමිල චිත්‍රපටියේ තෙලෙගු ප්‍රතිනිර්මාණය තමයි Rakshasudu.

    2018.දෙසැම්බර් 06 තමයි Kavacham ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ,Sreenivas සමග සුරූපී නිලි  Kajal Aggarwal ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි සෙසු චරිත වීදියට Neil Nitin Mukesh,Mehreen Pirzada දායක වෙනවා,මිනිත්තු 143 පුරාවටම කිසිම කම්මැලි කමක් නැතිව එක දිගට බලන්න පුලුවන් වගේම ගොඩක්ම කුතුහලයත් එක්කම බලන්න පුලුවන්  චිත්‍රපටියක් Kavacham කියන්නේ,Imdb 7.1 අගයක් අරගත්තා කිව්වාම ඉතින් චිත්‍රපටිය ගැන හිතාගන්න පුලුවන්නේ,

    දැන් අපි කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ, විජයි කියන්නේ පොලිස් නිලධාරියෙක්,එක දවසක් මෙයා වැඩ ඉවර වෙලා ගෙදර යද්දි රස්තියාදූ කාරයෝ කට්ටියක් කෙල්ලෙක්ට කරදර කරන්න හදනවා දකිනවා,ඉතින් මෙයා එයාව  බේරගෙන විස්තර අහන කොට තමයි දැනගන්නේ එයා ගෙදරින් පැනල ඇවිල්ලා එයාගේ ආදරවන්තයා හොයාගෙන කියල,ඉතින් කෙල්ලගේ නම තමයි ලාවන්‍යා (Mehreen Pirzada).ඉතින් ලාවන්‍යා එයාගේ ආදරවන්තයා එනකම් විජයිගේ ආදරකතාව මොක්කද කියල අහනවා,වෙලාවත් ගෙවාගන්න ඕනිනේ,ඉතින් විජයි එයාගේ ආදර කතාව කියනවා,විජයි ආදරේ කරන්නෙ සමයන්තා (Kajal Aggarwal ) කියල කෝෆි ෂොප් එකක වැඩ කරන ගැහැණු ලමයෙක්ට.ඉතින් මෙයා සමයතාට ආදරේ කියන්න යන දවසේ තමයි දැනගන්නේ එයාගේ කසාදේ ස්ථිර වෙලා රස්සාවෙන් අස්වෙලා යන්න ගිහින් කියල,ඉතින් මොනා කරන්නද ඒ ආදර කතාව එතනින් ඉවර වෙනවා,මේ අතරේ ලාවන්‍යාත් එයාගේ ආදරවන්තයිව හම්බවෙන්න ආවට එයාට එයාව හම්බවෙන්න ලැබෙන්නෙ නෑ,ඒ නිසා එයා ආපහු ගමට යන්න හදන කොට තමයි විජයිගේ අම්මාට අනාතුරක් වෙන්නේ,ඉතින් එයාගේ සැත්කමට ලක්ෂ 50ක් ඕනි වෙනවා,එයා ගාව එච්චර සල්ලියක් නැති නිසා ලාවන්‍යා කියනවා එයා ගොඩක් පෝසත් කෙනෙක්ගේ මිනිබිරියක් එයාව පැහැරගත්තා කියල ලක්ෂ 50ක් ඉල්ලන්න කියල,ව්ජයි හිතන්නෙ නැති උනාට මේක නිසා එයා ලොකු උගුලක පැටලෙනවා,ඒක මොකක්ද කියල බලන්න චිත්‍රපටිය බලන්නම වෙනවා,විජයි සමයන්තාගේ ආදරකතාවට මොකක්ද වෙන්නේ,ලාවන්‍යා විජයිට ඇත්තටම උදව්වක්ද කරේ,විජයිව මෙහෙම උගුලක පටලවන්නෙ හදන්නෙ කවුද?මේ ඔක්කොටම උත්තර චිත්‍රපටිය බලලම දැනගන්න,

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kavacham.(2018).Sinhala.Subtitle.rar – Downloaded 2644 times – 40 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram