today-is-a-good-day
More

    Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කුදා හාෆිස් කියන්නේ මං උපසිරැසියක් කරපු පළවෙනි හිංඳි උපසිරැසි ගැන්වීම. සාමාන්‍යයෙන් හින්දි මට නොතේරෙන
    නිසා මං ගහන්නෙ නැහැ හින්ඳි නම්. නමුත් 50 වෙනි උපසිරැසිය විදියට ඒ දවස් වල කොරෝනා තත්වය නිසා මට වෙන
    මඟක් තිබුනෙත් නැහැ. ඒ නිසා බැදගත්ත බෙරේ ගහන්නත් එපායැ. ඉතිං මෙලෙසින් කුදා හාෆිස් 2 දෙවන දිගහැරුමත්
    මම අරන් ආවා.

    Khuda Haafiz: Chapter 2 – Agni Pariksha කියන්නේ කලින් චිත්‍රපටයටම සම්බන්ධ එකක්. අග්නි පරීක්ෂා කියන දේ හැමෝම අහලා තියෙනවානේ. ඉතිං නාර්ගිස්ගෙ දූෂණයෙන් පසු ඇයට සමාජයෙන් ලැබෙන පරීක්ෂාවක් කියලා අපට කියන්න පුළුවන්. ගැහැණූ ළමයෙක් දූෂණය වුනහම, ඇයට ආයෙ සාමාජයට මුහුණ දෙන්න කොච්චර අමාරුයිද කියලා, සමහර විට ඔයාලට අත් දැකීම් ඇති. ඒකත් ඇයට වුනේ සමූහ දූෂණයක්

    ඉතිං නර්ගීස් බොහොම හිත් තැවුලෙන් තමයි වාසය කරන්නේ. සමීර් එක්ක හිටියත්, ජීවත් වන මළ කඳක් ඇය. ඇය කිසිම පිරිමියෙක්ට කැමති නැහැ. සමීර්ට පවා.. ඇය සමීර් අසලවත් නිදියන්නෙ නැහැ. ඇයගෙ හිතේ තියෙන බය ගැන කියන්න ඔය ටික හොදටම ඇති. හැමදාම හීනෙන් පවා ඇයව දූෂණය වුනු හැටි පේනවා.ඉතිං මේ සිදුවීම නිසා, උත්සහ කලත් සමීර්-නාර්ගීස් යුවළට ළමයින් නැහැ. වෛද්‍යමය උපදෙස් නිතර නිතර ගන්නා යුවලක් විදියට මොවුන් වෙනස් වෙනවා. සමීර් උනත් රස්සා කීපයක්ම මාරු කරලා මේ වෙනකොට, සමාජය නිසා.. ඇය නිසා…

    සමීර්ට නාර්ගීස්ගෙ කඩා වැටීම, නිතර කේන්ති යෑම බලාගෙන ඉන්න බැරි නිසා. නිතර ඇයව සනහනවා. නමුත් ඇය හරිම අකීකරුයි.. දැඩියි.. වෛරයි… ඉතිං දවසක් මේ හැමදේම නැති කරන්න හිතාගෙන සමීර් මේ කැඳල්ලට චූටි දියණියක් රැගෙන එනවා.. ඇය කවුද කියලා මම කියන්නෙ නැහැ.

    ඉතිං මේ චූටි දියණියව වුනත් නාර්ගීස්ට රුස්සන්නෙ නැහැ. ඇයට කාවවත්ම රුස්සන්නෙ නැහැ. ඒ වුනාට පුංචි හිත් මල් වගේනේ. මේ නාර්ගිස්ගෙ අකීකරු බව ඒ මල ඉස්සරහා හරි අපූරුවට මෙලෙක් වෙලා යනවා.. කාලයත් මේ සමඟින්ම ඔවුනට සහය දක්වා, ලස්සන පවුල් ජීවිතයක් ලබා දෙනවා. ඉතිං කාලය නිතරම සහය වෙන්නෙ නැහැ. “ඔවුන්ට තවත් පරීක්ෂාවක්” කාලය විසින් ලබා දුන්නා. ඒ තමයි මේ පවුල එකට ගැට ගැසූ අර පුංචි දියණියව පිරිසක් පැහැරගෙන යනවා..

    ඉතිං මේ මොකක්ද වුනේ? චූටි දුවව බේරගන්න සමීර්ට හෝ පොලීසියට පුළුවන් වෙයිද? සමීර් ආයෙම වෙව්ලනවා. නාර්ගීස්ගෙ සිදුවීමෙදි වගේම.. මෙවරත් කිසි පිහිටක් නැහැ.. සාමාන්‍ය මනුස්සයෙක් උන ඔහු තමන්ගෙ දැන හැදිනුම් කම් මතින්යනවා දියණිය සොයන්…

    ඉතිං ඔයාලම බලන්න මේ ත්‍රාසජනක චාරිකාවේ කුමක් වෙයිද කියලා.

    සුපුරුදු පරිද්දෙන්ම, කරාතේ තරුව විද්‍යුත් ජම්වාල් සමගින් ෂිවලීකා ඔබ්‍රෝයි තමයි රංඟනයෙන් දායක වන්නේ. IMDb 8.3 ක ඉහළ අගයකුත් ලබා ගෙන තියෙනවා. ලස්සනම ලස්සන සිංදු තියෙනවා. උපසිරැසි ගන්වලාත් ඇති. එහෙනම් අරන් බලන්නකො. කැම් වලට අසාලිවීම් කරන් එන අපට කිසි ස්තුතියක්වත් නැතත්, ණයක් වෙන්න බැරි නිසා දෙවන දිග හැරුමත් අරන් ආවා. ටිකකින් මුණගැසෙමු.

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • IDX  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Khuda Haafiz 2 (2022) සිංහල උපසිරැසි” Khuda.Haafiz.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 15354 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    52 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      Lahiru kollata sub karanna kiyannko ayemath..
      oya kolla nam nawathwanna epa,
      Ehema unoth Api sada anathai………..

    2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

      • බොහොම ස්තූතියි සහෝදරයා, හැමදාම කමෙන්ට් එකක් දානවට.❤

    3. thanks bro
      hithaganna ba me site ekata ads en nathi eka
      mata mathaka widiyata meka thamai 1st sinhala sub site eka
      dukai meka nathiunoth

    Leave a Reply to අශේන් කවිඳු Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram